රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි
(A container ship arrives at port in Kochi, India © Getty Images)
රුසියාව "යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීමේදී සිය අවි පද්ධති සඳහා" භාවිතා කරනවා යැයි පැවසෙන භාණ්ඩ සහ සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියානු ආයතන සහ පුද්ගලයන් 19 දෙනෙකුට සම්බාධක පැනවූ බව එක්සත් ජනපදය නිවේදනය කරයි. ඉන්දියානු සමාගම් මෙන්ම වෙනත් රටවල සමාගම් සිය ගණනක් ද සම්බාධක පැනවීම සඳහා ඉලක්ක කර ඇත.
පසුගිය ඔක්තෝබර් 30 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ රුසියාවට ගුවන් යානා සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියාව පදනම් කරගත් Ascend Aviation සහ Mask Trans යන ආයතන වලට සම්බාධක පනවන බවයි. Ascend Aviation ආයතනය "එක්සත් ජනපදයේ නිෂ්පාදිත" සමහර සංරචක විකුණා ඇතැයිද කියනු ලැබේ. සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරුන් ද සම්බාධක වලට යටත් කරන ලද්දේය.
තවත් ඉන්දියානු සමාගම් දෙකක් වන TSMD Global සහ Futrevo "රුසියානු සමූහාණ්ඩුවේ ආර්ථිකයේ තාක්‍ෂණ අංශය ක්‍රියාත්මක වීම හෝ මේ මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පැවතීම" සම්බන්ධයෙන් ද අමෙරිකා එක්සත් ජනපදයෙන් චෝදනා එල්ල විය.
අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව රුසියාවේ සගයන් වෙත "ද්විත්ව භාවිත" සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියානු සමාගම් 14 කටද සම්බාධක පණවනු ලැබීය. 'ද්විත්ව භාවිතය' යන යෙදුම සිවිල් සහ මිලිටරි යෙදවුම් දෙකටම අයත් කොටස් සහ මෙවලම් ලෙස අර්ථ ගන්වයි. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද සමාගම් කිහිපයක් සම්බාධක පැනවූ රුසියානු සමාගම්වලට පරිපථ පුවරු සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර අනෙක් ඒවා බෝල බෙයාරිං සහ ලියවන පට්ට යන්ත්‍ර සැපයූ සමාගම් වූහ.
කෙසේ වුවද අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉන්දියානු සමාගම් රුසියාවට සැපයූ සියලුම කොටස් ඇත්ත වශයෙන්ම හමුදාමය භාවිතය සඳහා යොදා ගත්තේද යන්න සෘජුව ප්‍රකාශ කර නැත.
සමස්තයක් වශයෙන් ගත් කළ, එක්සත් ජනපද රාජ්‍ය, භාණ්ඩාගාරය සහ වාණිජ දෙපාර්තමේන්තුව පසුගිය 30 වනදා රටවල් කිහිපයක ආයතන සහ පුද්ගලයින් 400 කට ආසන්න සංඛ්‍යාවකට සම්බාධක පැනවූ අතර, රුසියාවට “යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීමට රුසියාවේ ආයුධ පද්ධති වලට අවශ්‍ය තීරනාත්මක සංරචක සැපයීම වෙනුවෙන් පනවා ඇති සම්බාධක මග හැර ඇති බවට ඔවුන්ට චෝදනා කළේය."
නම් කර ඇති බොහෝ සමාගම් සහ පුද්ගලයින් චීනයට අයත් වන අතර අනෙක් ඒවා කසකස්තානය, කිර්ගිස්තානය, මැලේසියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනත් රටවල හා සම්බන්ධවේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙතෙක් අදහස් දක්වා නොමැත. කෙසේ වෙතත්, වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය සම්බාධක හැඳින්වූයේ "නීති විරෝධී සහ අසාධාරණ" සම්බාධක ලෙසයි.
“එක්සත් ජනපදය රුසියාව සමඟ චීනය කරන සාමාන්‍ය වෙළඳාමට එරෙහිව බොරු චෝදනා කරමින් යුක්‍රේනයට පෙර නොවූ විරූ මිලිටරි ආධාර දිගටම සපයයි. මෙය සාමාන්‍යයෙන් ගත් කළ ද්විත්ව ප්‍රමිතියක් වන අතර අතිශයින්ම කුහක සහ වගකීම් විරහිත බවක් ප්‍රදර්ශනය කරනවා. ” අමෙරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක Liu Pengyu රොයිටර් පුවත් සේවයට පැවසීය.
2022 දී රුසියානු-යුක්රේන ගැටුම උත්සන්න වූ දා සිට එක්සත් ජනපදය අවස්ථා කිහිපයකදී සම්බාධක පැනවීමට ඉන්දියානු සමාගම් ඉලක්ක කර තිබුණි. මෙම වසරේ ජූලි මාසයේදී, ඉරාන ඩ්‍රෝන යානා රුසියාවට ප්‍රවාහනය කළ බවට චෝදනා කරමින් ඉන්දියානු නැව් සමාගම් තුනක් අසාදු ලේඛනගත කරන ලදී.එහෙත් යුක්රේන ගැටුමේදී තමන් ඉරාන ආයුධ භාවිතා කර නොමැති බව මොස්කව් පරිපාලනය තරයේ කියා සිටී.
US sanctions Indian companies for ‘enabling’ Russian military
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්