
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
(FILE PHOTO: Russian President Vladimir Putin and Israeli Prime Minister Benjamin Netanyahu in Tel-Aviv, Israel, January 23, 2020. © Sputnik / Sergey Guneev) ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ යුදෙව් රාජ්‍යයේ ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම ප්‍රයත්නයන්ට රුසියාවේ සහභාගීත්වය ඊශ්‍රායලයට අවශ්‍ය බව,කලාපයේ සාමය සම්බන්ධ සාකච්ඡාවලට දායකත්වය දක්වන නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායල Ynet ප්‍රවෘත්ති සේවය සහ තවත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළහ. වාර්තා වලට අනුව, බටහිර ජෙරුසලම අපේක්ෂා කරන්නේ මොස්කව්හි මැදිහත්වීම ඇතිකරගන්නා එකඟතාවයන්වල අනාගත ස්ථාවරත්වය එක් කළ හැකි බවත් එක්සත් ජනපදය මත යැපීම අඩු කළ හැකි බවත්ය.
“ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සහ තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රුසියානුවන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනු ඇත.” ප්‍රවෘත්ති මූලාශ්‍රයක් Ynet පුවත් සේවය වෙත පවසා ඇත.
පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊශ්‍රායලයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ඔර්නා මිස්රාහි නිව්ස්වීක් වෙත පැවසුවේ ඊශ්‍රායලය “ඇමරිකානුවන්ට වැඩි කැමැත්තක් දක්වන අතර” ඉරානය සමඟ රුසියාවේ “යහපත් සබඳතා” ලෙබනනය සම්බන්ධයෙන් ඇති කර ගත් ඕනෑම එකඟතාවයක අනාගත ස්ථාවරත්වයට දායක විය හැකි බව ඊශ්‍රායලය වටහා ගන්නා බවයි.
“තවත් කරුණක් නම්, ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පස්දෙනාගෙන් එකෙකු වන හෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සටන් විරාමය පිළිබඳව අපට යම් ආකාරයක නව යෝජනාවක් තිබේ නම්, රුසියානුවන් එය අනුමත කරනවාට අපි කැමතියි. ” ඔර්නා මිස්රාහි පැවසුවාය.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා මේ සතියේ කියා සිටියේ ලෙබනනයේ සටන් විරාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා දැනටමත් “උසස් අදියරකට” ළඟා වී ඇති බවයි. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මැදිහත්ව කටයුතු කරන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝජිත ආමොස් හොච්ස්ටයින්, මෙම සතිය මුලදී බීරූට් හි සිදු කළ සංචාරයකදී සාකච්ඡා පිළිබඳ මූලික එකඟතාවන්ට එළඹුණු බව වාර්තා වේ.
ලෙබනන-ඊශ්‍රායල දේශසීමාවෙන් හිස්බුල්ලා හමුදා ඉවත් කර ගැනීමට ඉල්ලා සිටින 2006 දී සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1701 යෝජනාව පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම මෙම සාකච්ඡාවලට ඇතුළත් වේ. එය කලාපය අධීක්‍ෂණය කිරීමට සහ ඊශ්‍රායලයේ හෝ ලෙබනනයේ උල්ලංඝනය වන හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හඳුන්වා දෙන අතර හිස්බුල්ලා නැවත සන්නද්ධ කිරීම වළක්වන බවද වාර්තා වේ. එයින් අදහස් කරන්නේ කණ්ඩායමට හමුදා මාධ්‍යයන් අත්පත් කර ගැනීම තහනම් වනු ඇති බවයි.
ඊශ්‍රායල නිලධාරීන් Ynet වෙත පැවසුවේ ගිවිසුම අත්සන් කළහොත් දින 60ක සටන් විරාමයකින් ආරම්භ වන බවත්, එම කාලය තුළ කලාපය අධීක්ෂණය සඳහා නව යාන්ත්‍රණයක් පිහිටුවන බවත්ය.
මෙම එකඟතාවයන් අවසන් කිරීම සඳහා නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර Hochstein ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මොස්කව් දැනටමත් ඉරානය සමඟ සාකච්ඡා කර ඇති අතර, එම කොන්දේසිවලට එකඟ වීමට හිස්බුල්ලා සංවිධානය දිරිමත් කරන බවද පැවසේ.
ඊයේ(01) ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සාම ක්‍රියාවලියට රුසියාවේ ඇති සම්බන්ධය තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළේ නැති නමුත් මොස්කව් "ගැටුමේ සියලුම පාර්ශවයන් සමඟ සම්බන්ධතා පවත්වනවා" යනුවෙන් පැවසීය.
“ ඇත්ත වශයෙන්ම, රුසියාවේ සහාය අවශ්‍ය නම්, රුසියාව එහි කාර්යභාරය ඉටු කිරීමට සූදානම්,” දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළේය.
Israel wants Russia to mediate peace – media
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
