News Category
From Date
To Date
Maximum Number of Result

පුද්ගල සාමය ඇසුරෙන් ලෝක සාමයට බුදු දහම..

May 13, 2025 at 01:58 PM
|

(රත්මලානේ ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් විසින් සිළුමිණ පුවත් පතට සැපයූ ලිපියකි.)

එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ සමයෙහි රෝහිණී ගංගාව දෙපස ශාඛ්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් අතර ජලය බෙදාගැනීම හා සම්බන්ධ මත ගැටුමක් ඇති වූ ආකාරය සූත්‍ර හා අටුවාගත කරුණුවලින් පැහැදිලි වේ. මේ සිද්ධියේදී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ගැටුම් නිරාකරණය සඳහා දේශනා කළ ධර්ම කරුණු මේ 21 වැනි සියවසට සහමුලින්ම අදාළ වේ. ඒවා පිළිබඳ දිගු සටහනක් කිරීමට අවකාශය නොවුණත්, කරුණු කිහිපයක් හෝ දැක්වීම වැදගත්ය.

මේ සඳහා ප්‍රවේශයක් වශයෙන්, මේ මොහොත වන විට ඉන්දියාව හා පාකිස්තානය අතර බිහිසුණු යුද්ධයක් පවතින බවට පළ වන ප්‍රවෘත්තිය සඳහන් කළ හැකිය. මේ බිහිසුණු තත්ත්වයට ආසන්නතම හේතුව වූයේ ජම්මු කාශ්මීරයේ පහල්ගාමී පළාතේ සිදු වූ ත්‍රස්තවාදි ක්‍රියාවයි. මේ නිසා දෙරටේම අන්‍යෝන්‍ය වශයෙන් විවිධ සම්බාධක පැනවීමට හේතු විය. මේ අතර, ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු හා පාකිස්තාන ජනාධිපති අයුබ් යන රාජ්‍ය නායකයන් දෙදෙනා 1960 වර්ෂයේ කරච්චි නුවරදී අත්සන් තැබූ ‘ඉන්දුස්’ ජල ගිවිසුම වර්තමාන ඉන්දීය අගමැති මෝදි විසින් අත්හිටුවන්නට යෙදිණි. මේ සිද්ධි එදා සිද්ධියේත් මෙදා සිද්ධියේත් මූල හේතූන් වීම හා බැලීමේදී බෞද්ධ චින්තනයෙන් දුරස් වීම හේතු වශයෙන් අපගේ දැක්මයි. මක් නිසාද යත්: බුද්ධ දේශනාව අනුව ලෝකයේ විවාදයන් ගැටුම් ඇති වීමට කාමය හා දෘෂ්ටිය මූල කාරණාවන් වන බැවිනි. තවදුරටත් පැහැදිලි කරනවා නම් කාමය යනු රූප ශබ්ද ආදි පස්කම්ය. කාම වස්තුවක ආස්වාදය හේතුවෙන් විවාදයන් හට ගනී. ආස්වාදය නම් වේදනාවයි. සත්ත්වයා සියල්ල කරන්නේ ආස්වාදයක්, වේදනාවක් පතාගෙනය. එය ඉටු වන තුරුත්, පැතූ තරමට ඉටු නොවන විටත්, කෙසේ වත් ඉටු නොවන විටත් ගැටුම් ඇතිවේ. විවාද ඇති වේ. මේ ස්වභාවය සමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර තිබේ. ඒවා සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් ථේරවාද ත්‍රිපිටකයෙහි පවතී. අපේ ත්‍රිපිටකයෙහි නැත හොත් ථේරවාද ත්‍රිපිටකයෙහි මනාව ඇතුළත් වේ. එහෙත් ඊට අනුගත වන ලෙස නූතන සමයේ ධර්ම ප්‍රචලිත කටයුතු සිදු නොවීම අභාග්‍යසම්පන්න කරුණකි. එනිසා ජන ජීවිතය බුදු දහමින් දුරස් වී ඇත. මේ පිළිබඳ නම් වශයෙන් එක සූත්‍ර දේශනාවක් හෝ සිහිපත් කිරීම වටී.

අංගුත්තර නිකායේ සත්තකම්ම සූත්‍රය උදාර මිනිස් ජීවිතයකට පටුනක් වැනිය. මෙය ත්‍රිපිටකයේහි අංශු මාත්‍ර නිදසුනක් පමණකි. විශේෂයෙන් මෙහිදී කාශ්මීර ප්‍රශ්නයේදී සිහිපත් කළ යුතු කරුණ නම්, විවාද ඇති වීමේ දෙවැනි කරුණ වූ දෘෂ්ටිය හෙවත් මත පෙන්වා දිය හැකිය. කාශ්මීරයට බුදු දහම ගෙන ගියේ අශෝක චක්‍රවර්තී රජතුමාගේ ධර්ම ප්‍රචාරක කටයුතු අනුවයි. කාශ්මීරය සඳහා මජ්ඣන්තික රහතන් වහන්සේ ඇතුළු ධර්මදූතයන් වහන්සේ බුදු දහම රැගෙන යන විට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස අප රටට වැඩම කළ සිද්ධියක් මෙහිදී සිහිපත් වේ.

මේ වන විට කාශ්මීර, ගාන්ධාර රාජ්‍යයකි. ථේරවාද බුදු දහමින් පෝෂණය විය. එය අශෝක රජතුමාගේ අභාවයෙන් පසු එක්තරා ආකාරයේ පසුබෑමකට ලක් විය. කෙසේ වුවත්, ථේරවාද සම්ප්‍රදාය දැවැන්ත විපර්යාසයකට ලක් වූයේ කාශ්මීරයේ බලයට පත් කනිෂ්ක රාජ්‍ය සමයේදීය. මේ කරුණ සිහිපත් කරන්නේ විවාද කරුණු අතර දෘෂ්ටිවාදයේ ස්වරූපය පෙන්වාදීම සඳහාය.

මේ සඳහා බඹරැන්දේ සිරිසීවලී හාමුදුරුවන්ගේ ප්‍රකාශයක් ගෙනහැර දැක්විය හැකිය. එනම් බෞද්ධ සංස්කෘතියට විරුද්ධව හින්දූන් පළමුවරට වේගවත් ලෙස නැඟී සිටියේ ක්‍රි.පූ. දෙවැනි ශත වර්ෂයේදී හෙවත් පූෂ්‍ය මිත්‍ර රජුගෙන් පසුය. එහෙත් කනිෂ්ක, හර්ෂවර්ධන ආදි රජවරුන්ගේ කාලවලදී බෞද්ධයන් අතර ඇති වූ ප්‍රතිසංස්කරණ නිසාත්, ඔවුන්ගේ අනූපම උනන්දුව නිසාත් හින්දූන්ගේ විරෝධය තිබියදීම තවත් ශත වර්ෂ කිහිපයක් යන තුරු ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය බලපැවැත්වීය.

මේ අතර එනම්, 8 වැනි ශත වර්ෂයේ ඉන්දියාවට අමුතු වූ මුස්ලිම් සංස්කෘතියක් ඇති වී එය පැතිර යෑමත් සමඟම බෞද්ධ සංස්කෘතියේ පිරිහීම ඉක්මන් වූ බව ඉතිහාස කතාවල සඳහන් වේ. ඉන්දියාවේ මුස්ලිම් සංස්කෘතිය තදින් බලපවත්වන්නට වූයේ 11, 12 වැනි ශත වර්ෂවල පටන්ය. ඉන් පසු හෙවත් 13 වැනි ශත වර්ෂයේ පටන් බෞද්ධ සංස්කෘතිය ඍජුව පිරිහී යන්නට විය.

ක්‍රි.ව. 120, 162 කාලපරාසය තුළ කනිෂ්ක රාජ්‍ය යුගයේදී මහායාන සම්ප්‍රදායේ මහා දාර්ශනිකයන් වශයෙන් අශ්වඝෝෂ, අසංග පාර්ශව, වසුබන්ධු ආදි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ නාමලේඛනයක් ඉදිරිපත් කළ හැකිය. උන් වහන්සේ වේදවේදාන්තයන්ගේ පරතෙරට පැමිණි මහා පඬිවරුය. විශේෂයෙන්ම, බ්‍රාහ්මණ වංශිකයන් වූ උන් වහන්සේ දෘෂ්ටි වශයෙන්, නැත හොත් මත වශයෙන් වෛදික ආකල්පයන්ගෙන් ථේරවාද බුදු දහම විවරණය කරන්නට වූහ. මෙයින් සිදු වූයේ කාශ්මීර ගන්ධාර පමණක් නොව; ග්‍රීසිය, පර්සියාව, චීනය ආදි රාජ්‍යයන්හිත්, ලංකාවේත් මහායාන සම්ප්‍රදාය ශීඝ්‍ර ලෙස පැතිරෙන්න වීමයි. ඒ ආශ්‍රිතව දේව සංකල්පයත්, භක්තිවාදයත් ව්‍යාප්ත විය. එපමණක් නොව; ඉන්දූනීසියාව ආදි කොට ඇති රාජ්‍යවලද නූතනයේ ඓතිහාසික මහා දැවැන්ත බෞද්ධ සිද්ධස්ථාන ඇත. මෙවැනි මහා සුවිසල් විහාරාරාම ඉදි වුවත් ඊට සමගාමිව ථේරවාද සම්ප්‍රදාය ඉස්මතු නොවීය. ඒ අනුව බෞද්ධ චින්තනය යටපත් විය. මේ අනුව එවකට කාශ්මීර ප්‍රදේශයේ පැවති මුල් බුදුසමය යටපත් වීමෙන් මිථ්‍යාවාදය ශීඝ්‍රයෙන් පැතිරෙන්න විය. එහි ප්‍රතිඵලය වශයෙන් කාශ්මීරය බෞද්ධයන්ටත් අහිමි විය. එහි ප්‍රබලම අවස්ථාව වශයෙන් මෝගල් අධිරාජ්‍යයාගේ ක්‍රියාකාරකම් පෙන්වා දිය හැකිය. මෙහිදී පැහැදිලි කරන්නේ ඉතා දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණක් පිළිබඳ හිතන්නට පමණක් ඉදිරිපත් කරන බව සිහිපත් කළ යුතුය.

මහායාන සංකල්ප නිසා බෞද්ධ වත්පිළිවෙත් ඊට අනුගතව සිදු වෙමින් පැවතිණි. භක්තිවාදය ඉස්මතු වන ආකාරයේ පූජා සංකල්ප ව්‍යාප්ත විය. මේ නිසා ජන ජීවිතයෙන් ථේරවාද සම්ප්‍රදාය යටපත් වන්නට විය. මේ මොහොත වන විට ලංකාවේ ශීඝ්‍ර ලෙස බෞද්ධ සිද්ධස්ථාන ගොඩනැඟුණත්, සුවිසල් ලෙස බෞද්ධයන් ඒකරාශි වුවත් ආර්ථික, භෞතික හා ආධ්‍යාත්මික වශයෙනුත් බිඳවැටීම් ඇති වී තිබේ. අපේ රටේ වර්තමාන බුදු දහමේ ස්වරූපයන් මත අතීතයේ කාශ්මීර ආදි රාජ්‍යයන්වල පැතිරුණු බුදු දහමත් ශාස්ත්‍රීය වශයෙන් සංසන්දනය කරද්දී ථේරවාද බුදු දහමෙහි යටපත් වීම නිසා වන විනාශය පසක් වේ.

මේ කරුණුවලින් පැහැදිලි කරන්නේ පුද්ගල සාමයෙන් ලෝක සාමය කරා ගෙන යෑමේ ආධ්‍යාත්මික රීතිය ‍ථේරවාද සම්ප්‍රදාය තුළ තිබෙන බවත්, එය ඉස්මතු කිරීම විශේෂයෙන්ම ලාංකේය භික්ෂූන් වහන්සේගේ මහා දැවැන්ත ධර්මදූත මෙහෙවරයි.

ලෝකයේ ප්‍රචලිත ආගම් අනුව පුද්ගලයන් වර්ග කොට ඇත; නැත හොත් බෙදී ඇත. ඒ අනුව ඔවුන්ගේ චින්තන රටා ඇති වේ. ඒ චින්තන රටා අනුව හැසිරීම් ක්‍රියාකාරකම් ඇති වීම ස්වභාවයයි. එනිසා බුදු දහම බෞද්ධයකු නොවන හෝ ආගමක් නොඅදහන ජන කොට්ඨාසයන්ට දර්ශනයක් වශයෙන් හෝ ඉගැන්විම් කළ යුතුය. ඊට අනුගතව ජන සම්මුතීන් බලවත් කළ යුතුය. එසේ නොවුණ හොත් පුද්ගලයා ධර්ම ඤාණයෙහි හීන වෙන්න හීන වෙන්න ගුණ ධර්මවලින් පිරිහේ. ගුණ ධර්මවලින් පිරිහෙන්න පිරිහෙන්න පුද්ගලයා මිථ්‍යාවට යටත් වේ. මේ නිසා වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් ඇති වීම ස්වභාවයක්. රජුට රජකම් කරන ආකාරය, ඇමැතියන්ට ඇමැතිකම් කරන ආකාරය, නිලධාරීන්ට තම නිලයන්ට අයත් කාර්යයන් කරන ආකාරය, බදු නිලධාරීන්ට බදු අය කරන ආකාරය, ගොවියාට ගොවිතැන් කරන ආකාරය, වෙළෙන්දාට වෙළෙඳාම් කරන ආකාරය, මවුපියන් දරුවන්ට, දරුවන් මවුපියන්ට සලකන ආකාරය, ගුරුවරුන් ගෝලයන්ට, ගෝලයන් ගුරුවරුන්ට සලකන ආකාරය, ස්වාමියා බිරියට, බිරිය ස්වාමියාට සලකන ආකාරය, සේව්‍යයන් සේවකයන්ට, සේවකයන් සේව්‍යයන්ට සලකන ආකාරය, යන එන ආකාරය, කන බොන ආකාරය, නටන ගයන වයන ආකාරය, නැකත් හදන ආකාරය, වැසිකිළි කැසිකිළි යන ආකාරය, ණය ගෙවන ණය ගන්න ආකාරය, යුක්තිය අයුක්තිය තෝරන ආකාරය, මහහොරුන් හඳුනාගන්නා ආකාරය මේ ආදි වශයෙන් සකලවිද ජීවිතයම සකස්කර ගන්නා ක්‍රමයන් මේ තුන්පිටකයේ දේශනා තුළ කොතරම් අඩංගු වෙනවාද? ඒවා දීර්ඝ වශයෙන් හෝ පැහැදිලි කිරීමට තරම් මෙය අවකාශයක් නොවේ.

අපේ රටේ මේ වන විට බුදු දහම මෙන් ඇඟවෙන සංකල්ප බිහි වෙමින් සහ ව්‍යාප්ත වෙමින් පවතින බවද අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත් නිරන්තරයෙන්ම බුදු දහමේ සංකල්ප ජප කරනවා මිස, ඒ කරුණු පැහැදිලි කිරීමක් සිදු නොවේ. මේ නිසා ‘අෂ්ටසාහස්‍රිකා ප්‍රඥා පාරමිතා’ වැනි අතිවිශාල සූත්‍ර සාමාන්‍ය ජනතාවට කියවීමට අපහසු නිසා ඒවා කෙටි කළ සූත්‍ර වශයෙන් ‘ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍ර’ කෘතිය බිහි විය. නැවතත් එයත් විශාල නිසා ‘ප්‍රඥා පාරමිතා ධාරණී’ නමින් තවදුරටත් කෙටි කර ඇත. එය තවදුරටත් කෙටි කරමින් ‘පාරමිතා මන්ත්‍රය’ බිහි විය. අවසානයේදී මූල සූත්‍රයට ‘ප්‍රාං’ යන බීජ මන්ත්‍රයට සීමා විය. නූතන ථේරවාදයට මේ සිදු වෙමින් යන්නේද ඒ දේ දෝයි සැකයක් මතු වේ.

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.