
පුද්ගල සාමය ඇසුරෙන් ලෝක සාමයට බුදු දහම..
(රත්මලානේ ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් විසින් සිළුමිණ පුවත් පතට සැපයූ ලිපියකි.)
එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ සමයෙහි රෝහිණී ගංගාව දෙපස ශාඛ්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් අතර ජලය බෙදාගැනීම හා සම්බන්ධ මත ගැටුමක් ඇති වූ ආකාරය සූත්‍ර හා අටුවාගත කරුණුවලින් පැහැදිලි වේ. මේ සිද්ධියේදී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ගැටුම් නිරාකරණය සඳහා දේශනා කළ ධර්ම කරුණු මේ 21 වැනි සියවසට සහමුලින්ම අදාළ වේ. ඒවා පිළිබඳ දිගු සටහනක් කිරීමට අවකාශය නොවුණත්, කරුණු කිහිපයක් හෝ දැක්වීම වැදගත්ය.
මේ සඳහා ප්‍රවේශයක් වශයෙන්, මේ මොහොත වන විට ඉන්දියාව හා පාකිස්තානය අතර බිහිසුණු යුද්ධයක් පවතින බවට පළ වන ප්‍රවෘත්තිය සඳහන් කළ හැකිය. මේ බිහිසුණු තත්ත්වයට ආසන්නතම හේතුව වූයේ ජම්මු කාශ්මීරයේ පහල්ගාමී පළාතේ සිදු වූ ත්‍රස්තවාදි ක්‍රියාවයි. මේ නිසා දෙරටේම අන්‍යෝන්‍ය වශයෙන් විවිධ සම්බාධක පැනවීමට හේතු විය. මේ අතර, ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු හා පාකිස්තාන ජනාධිපති අයුබ් යන රාජ්‍ය නායකයන් දෙදෙනා 1960 වර්ෂයේ කරච්චි නුවරදී අත්සන් තැබූ ‘ඉන්දුස්’ ජල ගිවිසුම වර්තමාන ඉන්දීය අගමැති මෝදි විසින් අත්හිටුවන්නට යෙදිණි. මේ සිද්ධි එදා සිද්ධියේත් මෙදා සිද්ධියේත් මූල හේතූන් වීම හා බැලීමේදී බෞද්ධ චින්තනයෙන් දුරස් වීම හේතු වශයෙන් අපගේ දැක්මයි. මක් නිසාද යත්: බුද්ධ දේශනාව අනුව ලෝකයේ විවාදයන් ගැටුම් ඇති වීමට කාමය හා දෘෂ්ටිය මූල කාරණාවන් වන බැවිනි. තවදුරටත් පැහැදිලි කරනවා නම් කාමය යනු රූප ශබ්ද ආදි පස්කම්ය. කාම වස්තුවක ආස්වාදය හේතුවෙන් විවාදයන් හට ගනී. ආස්වාදය නම් වේදනාවයි. සත්ත්වයා සියල්ල කරන්නේ ආස්වාදයක්, වේදනාවක් පතාගෙනය. එය ඉටු වන තුරුත්, පැතූ තරමට ඉටු නොවන විටත්, කෙසේ වත් ඉටු නොවන විටත් ගැටුම් ඇතිවේ. විවාද ඇති වේ. මේ ස්වභාවය සමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර තිබේ. ඒවා සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් ථේරවාද ත්‍රිපිටකයෙහි පවතී. අපේ ත්‍රිපිටකයෙහි නැත හොත් ථේරවාද ත්‍රිපිටකයෙහි මනාව ඇතුළත් වේ. එහෙත් ඊට අනුගත වන ලෙස නූතන සමයේ ධර්ම ප්‍රචලිත කටයුතු සිදු නොවීම අභාග්‍යසම්පන්න කරුණකි. එනිසා ජන ජීවිතය බුදු දහමින් දුරස් වී ඇත. මේ පිළිබඳ නම් වශයෙන් එක සූත්‍ර දේශනාවක් හෝ සිහිපත් කිරීම වටී.
අංගුත්තර නිකායේ සත්තකම්ම සූත්‍රය උදාර මිනිස් ජීවිතයකට පටුනක් වැනිය. මෙය ත්‍රිපිටකයේහි අංශු මාත්‍ර නිදසුනක් පමණකි. විශේෂයෙන් මෙහිදී කාශ්මීර ප්‍රශ්නයේදී සිහිපත් කළ යුතු කරුණ නම්, විවාද ඇති වීමේ දෙවැනි කරුණ වූ දෘෂ්ටිය හෙවත් මත පෙන්වා දිය හැකිය. කාශ්මීරයට බුදු දහම ගෙන ගියේ අශෝක චක්‍රවර්තී රජතුමාගේ ධර්ම ප්‍රචාරක කටයුතු අනුවයි. කාශ්මීරය සඳහා මජ්ඣන්තික රහතන් වහන්සේ ඇතුළු ධර්මදූතයන් වහන්සේ බුදු දහම රැගෙන යන විට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස අප රටට වැඩම කළ සිද්ධියක් මෙහිදී සිහිපත් වේ.
මේ වන විට කාශ්මීර, ගාන්ධාර රාජ්‍යයකි. ථේරවාද බුදු දහමින් පෝෂණය විය. එය අශෝක රජතුමාගේ අභාවයෙන් පසු එක්තරා ආකාරයේ පසුබෑමකට ලක් විය. කෙසේ වුවත්, ථේරවාද සම්ප්‍රදාය දැවැන්ත විපර්යාසයකට ලක් වූයේ කාශ්මීරයේ බලයට පත් කනිෂ්ක රාජ්‍ය සමයේදීය. මේ කරුණ සිහිපත් කරන්නේ විවාද කරුණු අතර දෘෂ්ටිවාදයේ ස්වරූපය පෙන්වාදීම සඳහාය.
මේ සඳහා බඹරැන්දේ සිරිසීවලී හාමුදුරුවන්ගේ ප්‍රකාශයක් ගෙනහැර දැක්විය හැකිය. එනම් බෞද්ධ සංස්කෘතියට විරුද්ධව හින්දූන් පළමුවරට වේගවත් ලෙස නැඟී සිටියේ ක්‍රි.පූ. දෙවැනි ශත වර්ෂයේදී හෙවත් පූෂ්‍ය මිත්‍ර රජුගෙන් පසුය. එහෙත් කනිෂ්ක, හර්ෂවර්ධන ආදි රජවරුන්ගේ කාලවලදී බෞද්ධයන් අතර ඇති වූ ප්‍රතිසංස්කරණ නිසාත්, ඔවුන්ගේ අනූපම උනන්දුව නිසාත් හින්දූන්ගේ විරෝධය තිබියදීම තවත් ශත වර්ෂ කිහිපයක් යන තුරු ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය බලපැවැත්වීය.
මේ අතර එනම්, 8 වැනි ශත වර්ෂයේ ඉන්දියාවට අමුතු වූ මුස්ලිම් සංස්කෘතියක් ඇති වී එය පැතිර යෑමත් සමඟම බෞද්ධ සංස්කෘතියේ පිරිහීම ඉක්මන් වූ බව ඉතිහාස කතාවල සඳහන් වේ. ඉන්දියාවේ මුස්ලිම් සංස්කෘතිය තදින් බලපවත්වන්නට වූයේ 11, 12 වැනි ශත වර්ෂවල පටන්ය. ඉන් පසු හෙවත් 13 වැනි ශත වර්ෂයේ පටන් බෞද්ධ සංස්කෘතිය ඍජුව පිරිහී යන්නට විය.
ක්‍රි.ව. 120, 162 කාලපරාසය තුළ කනිෂ්ක රාජ්‍ය යුගයේදී මහායාන සම්ප්‍රදායේ මහා දාර්ශනිකයන් වශයෙන් අශ්වඝෝෂ, අසංග පාර්ශව, වසුබන්ධු ආදි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ නාමලේඛනයක් ඉදිරිපත් කළ හැකිය. උන් වහන්සේ වේදවේදාන්තයන්ගේ පරතෙරට පැමිණි මහා පඬිවරුය. විශේෂයෙන්ම, බ්‍රාහ්මණ වංශිකයන් වූ උන් වහන්සේ දෘෂ්ටි වශයෙන්, නැත හොත් මත වශයෙන් වෛදික ආකල්පයන්ගෙන් ථේරවාද බුදු දහම විවරණය කරන්නට වූහ. මෙයින් සිදු වූයේ කාශ්මීර ගන්ධාර පමණක් නොව; ග්‍රීසිය, පර්සියාව, චීනය ආදි රාජ්‍යයන්හිත්, ලංකාවේත් මහායාන සම්ප්‍රදාය ශීඝ්‍ර ලෙස පැතිරෙන්න වීමයි. ඒ ආශ්‍රිතව දේව සංකල්පයත්, භක්තිවාදයත් ව්‍යාප්ත විය. එපමණක් නොව; ඉන්දූනීසියාව ආදි කොට ඇති රාජ්‍යවලද නූතනයේ ඓතිහාසික මහා දැවැන්ත බෞද්ධ සිද්ධස්ථාන ඇත. මෙවැනි මහා සුවිසල් විහාරාරාම ඉදි වුවත් ඊට සමගාමිව ථේරවාද සම්ප්‍රදාය ඉස්මතු නොවීය. ඒ අනුව බෞද්ධ චින්තනය යටපත් විය. මේ අනුව එවකට කාශ්මීර ප්‍රදේශයේ පැවති මුල් බුදුසමය යටපත් වීමෙන් මිථ්‍යාවාදය ශීඝ්‍රයෙන් පැතිරෙන්න විය. එහි ප්‍රතිඵලය වශයෙන් කාශ්මීරය බෞද්ධයන්ටත් අහිමි විය. එහි ප්‍රබලම අවස්ථාව වශයෙන් මෝගල් අධිරාජ්‍යයාගේ ක්‍රියාකාරකම් පෙන්වා දිය හැකිය. මෙහිදී පැහැදිලි කරන්නේ ඉතා දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණක් පිළිබඳ හිතන්නට පමණක් ඉදිරිපත් කරන බව සිහිපත් කළ යුතුය.
මහායාන සංකල්ප නිසා බෞද්ධ වත්පිළිවෙත් ඊට අනුගතව සිදු වෙමින් පැවතිණි. භක්තිවාදය ඉස්මතු වන ආකාරයේ පූජා සංකල්ප ව්‍යාප්ත විය. මේ නිසා ජන ජීවිතයෙන් ථේරවාද සම්ප්‍රදාය යටපත් වන්නට විය. මේ මොහොත වන විට ලංකාවේ ශීඝ්‍ර ලෙස බෞද්ධ සිද්ධස්ථාන ගොඩනැඟුණත්, සුවිසල් ලෙස බෞද්ධයන් ඒකරාශි වුවත් ආර්ථික, භෞතික හා ආධ්‍යාත්මික වශයෙනුත් බිඳවැටීම් ඇති වී තිබේ. අපේ රටේ වර්තමාන බුදු දහමේ ස්වරූපයන් මත අතීතයේ කාශ්මීර ආදි රාජ්‍යයන්වල පැතිරුණු බුදු දහමත් ශාස්ත්‍රීය වශයෙන් සංසන්දනය කරද්දී ථේරවාද බුදු දහමෙහි යටපත් වීම නිසා වන විනාශය පසක් වේ.
මේ කරුණුවලින් පැහැදිලි කරන්නේ පුද්ගල සාමයෙන් ලෝක සාමය කරා ගෙන යෑමේ ආධ්‍යාත්මික රීතිය ථේරවාද සම්ප්‍රදාය තුළ තිබෙන බවත්, එය ඉස්මතු කිරීම විශේෂයෙන්ම ලාංකේය භික්ෂූන් වහන්සේගේ මහා දැවැන්ත ධර්මදූත මෙහෙවරයි.
ලෝකයේ ප්‍රචලිත ආගම් අනුව පුද්ගලයන් වර්ග කොට ඇත; නැත හොත් බෙදී ඇත. ඒ අනුව ඔවුන්ගේ චින්තන රටා ඇති වේ. ඒ චින්තන රටා අනුව හැසිරීම් ක්‍රියාකාරකම් ඇති වීම ස්වභාවයයි. එනිසා බුදු දහම බෞද්ධයකු නොවන හෝ ආගමක් නොඅදහන ජන කොට්ඨාසයන්ට දර්ශනයක් වශයෙන් හෝ ඉගැන්විම් කළ යුතුය. ඊට අනුගතව ජන සම්මුතීන් බලවත් කළ යුතුය. එසේ නොවුණ හොත් පුද්ගලයා ධර්ම ඤාණයෙහි හීන වෙන්න හීන වෙන්න ගුණ ධර්මවලින් පිරිහේ. ගුණ ධර්මවලින් පිරිහෙන්න පිරිහෙන්න පුද්ගලයා මිථ්‍යාවට යටත් වේ. මේ නිසා වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් ඇති වීම ස්වභාවයක්. රජුට රජකම් කරන ආකාරය, ඇමැතියන්ට ඇමැතිකම් කරන ආකාරය, නිලධාරීන්ට තම නිලයන්ට අයත් කාර්යයන් කරන ආකාරය, බදු නිලධාරීන්ට බදු අය කරන ආකාරය, ගොවියාට ගොවිතැන් කරන ආකාරය, වෙළෙන්දාට වෙළෙඳාම් කරන ආකාරය, මවුපියන් දරුවන්ට, දරුවන් මවුපියන්ට සලකන ආකාරය, ගුරුවරුන් ගෝලයන්ට, ගෝලයන් ගුරුවරුන්ට සලකන ආකාරය, ස්වාමියා බිරියට, බිරිය ස්වාමියාට සලකන ආකාරය, සේව්‍යයන් සේවකයන්ට, සේවකයන් සේව්‍යයන්ට සලකන ආකාරය, යන එන ආකාරය, කන බොන ආකාරය, නටන ගයන වයන ආකාරය, නැකත් හදන ආකාරය, වැසිකිළි කැසිකිළි යන ආකාරය, ණය ගෙවන ණය ගන්න ආකාරය, යුක්තිය අයුක්තිය තෝරන ආකාරය, මහහොරුන් හඳුනාගන්නා ආකාරය මේ ආදි වශයෙන් සකලවිද ජීවිතයම සකස්කර ගන්නා ක්‍රමයන් මේ තුන්පිටකයේ දේශනා තුළ කොතරම් අඩංගු වෙනවාද? ඒවා දීර්ඝ වශයෙන් හෝ පැහැදිලි කිරීමට තරම් මෙය අවකාශයක් නොවේ.
අපේ රටේ මේ වන විට බුදු දහම මෙන් ඇඟවෙන සංකල්ප බිහි වෙමින් සහ ව්‍යාප්ත වෙමින් පවතින බවද අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත් නිරන්තරයෙන්ම බුදු දහමේ සංකල්ප ජප කරනවා මිස, ඒ කරුණු පැහැදිලි කිරීමක් සිදු නොවේ. මේ නිසා ‘අෂ්ටසාහස්‍රිකා ප්‍රඥා පාරමිතා’ වැනි අතිවිශාල සූත්‍ර සාමාන්‍ය ජනතාවට කියවීමට අපහසු නිසා ඒවා කෙටි කළ සූත්‍ර වශයෙන් ‘ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍ර’ කෘතිය බිහි විය. නැවතත් එයත් විශාල නිසා ‘ප්‍රඥා පාරමිතා ධාරණී’ නමින් තවදුරටත් කෙටි කර ඇත. එය තවදුරටත් කෙටි කරමින් ‘පාරමිතා මන්ත්‍රය’ බිහි විය. අවසානයේදී මූල සූත්‍රයට ‘ප්‍රාං’ යන බීජ මන්ත්‍රයට සීමා විය. නූතන ථේරවාදයට මේ සිදු වෙමින් යන්නේද ඒ දේ දෝයි සැකයක් මතු වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
