
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.
එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ. එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබීය. ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම සාමාජිකයන් වෙත සිය උපහාරය පුද කරමින් සිය කථාව ආරම්භ කල ආරක්‍ෂක ලේකම්වරයා මෙම වාර්ෂික සැමරුම් උත්සවය පැවැත්වීමේ ජාතික වැදගත්කම අවධාරණය කළේය. යුද්ධයේදී මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් ප්‍රකට වූ දේශප්‍රේමය, ආත්ම පරිත්‍යාගය සහ තම රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිලිබඳ මතකයන් ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ස්ථිර කැපවීම ඔස්සේ එම රණවිරුවන් පිළිබඳව අප රටේ මතු පරපුරට ද පුර්වාදර්ශයක් ලබා දීම සහතික කෙරෙන බව ඔහු යළි අවධාරණය කළේය.
මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත් වේ. අප දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කල රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුලින් අපේක්‍ෂා කෙරේ.
අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
