යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද(15) කොළඹදී ජාතික සංවිධාන එකමුතුව මගින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
2015 යහපාලන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාවලට එකඟතාව පළ කළ බවත්, ඒ අනුව රණවිරුවන් දඩයම් කිරීමට පනත් 8ක් සම්මත කිරීමට එකඟවූ බවත් ඒ මහතා පවසයි.
එයින් පනත් 6ක් යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ බවද, දෙකක් පමණක් දැඩි ජනතා විරෝධය හේතුවෙන් සම්මත කරගැනීමට නොහැකි වූ බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එයින් පළමු පනත වන්නේ අතුරුදන් වූවන් සඳහා වූ කාර්යාල පනත බවත්, එමගින් කිසිවෙකුගේ හඩට කන් නොදී ඒකපාර්ශ්විකව චෝදනා ගොනුකළ හැකි බවත් ඒ මහතා පෙන්වාදෙයි.
දෙවැන්න වන්නේ අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත බව සඳහන් කරන ඒ මහතා, තුන්වැන්න වන්නේ අපරාධ කටයුතු පිළිබඳව අනෝන්‍ය සහයෝගිතා පනත බවත් රණවිරුවන් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් දමා ඒ සඳහා තොරතුරු ඉල්ලූවිට එම තොරතුරු ලබාදීමට මෙම පනත හරහා බැඳී සිටින බවත් කරුණු හෙළිකරයි.
හතරවැනි පනත වන්නේ පිටුවහල් කිරීමේ පනත බවත්, වෙනත් රටක මෙරට රණවිරුවකුට එරෙහිව නඩුවක් දමා ඔහු පිටුවහල් කිරීමට නියෝගයක් ලබාදුන හොත් මෙම පනත හරහා ඊට පහසුකම් සැලසෙන බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පස්වැන්න වන්නේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත බවද එමගින් බොරු සාක්ෂි ගෙතීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ද අන්තර්ගත කරමින් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කළ බවද පවසන ඒ මහතා, සත්‍ය සෙවීමේ කොමිසම නාමයෙන් අන්තර්ජාලය හරහා ජාත්‍යන්තරවත් දේශීයවත් ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව අභුත චෝදනා ගොනු කිරීමට මෙම සත්‍ය සෙවීමේ කොමිසම හරහා හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
මෙම පනත රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් කළ ද ගෙන ඒමට නොහැකි වූ බවත්, 2025 පෙබරවාරි මාසයේ දී විජිත හේරත් විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවට සහභාගිවී සත්‍ය සෙවීමේ කොමිසම පනත පිහිටුවීමට එකඟ වූ බවත් ඒ මහතා පැවසීය.
රණවිරු දඩයම සඳහා රනිල් වික්‍රමසිංහට ගෙන ඒ මට නොහැකි වූ මෙම පනත ගෙන ඒමට වර්තමාන රජය එදා පොරොන්දු වූ බවද සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, අට වැනි පනත ලෙස අභිචෝදකයකු පත්කිරීමේ පනත නීතිපති දෙපාර්තමේන්තුවට පිටින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ඇති නඩු කටයුතු මෙහේ වීමට අභිචෝදකයකු පත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත් හෙළිදරව් කරයි.
ඉකුත් 7 වැනිදා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ රණවිරු දඩයමේ මහා පින්තූරය සකසා අවසන් කිරීම බවත් අභිචෝදක පත්කිරීමේ තීන්දුව යුද සැමරුම සමරන මාසයේම ගත් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය ඉතා කණගාටු දායක බවත් ඒ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩව විසින් මෙම ගනු ලබන තීන්දු බෙදුම්වාදයට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ප්‍රතිපත්ති වලට සහ භූමිකාවට පටහැනි බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිලි කළේය.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..