රුසියාවේ 80 වැනි යුද ජයග්‍රහණ සැමරුම සහ ලංකාව..
👉 1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.
👉 මෙවර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත මේ නිදහස් සමරුව සඳහා චීන ජනාධිපති ෂී ජින් පින් ඇතුළු රාජ්‍ය නායකයින් 28 දෙනෙකු මොස්කව් නුවරට පැමිණීමත් සුවිශේෂී කාරණයක්.
👉 එමෙන්ම ඒ නිමිත්තෙන් රතු චතුරස්‍රයේ පැවැත්වෙන පෙළපාළියට රටවල් 13ක හමුදා භටයින් සහභාගී වීමට නියමිතයි.
👉 එදා දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ ආක්‍රමණය එල්ල වන විට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවා ගත වී තිබුණේ වසර තිහකටත් අඩු කෙටි කාලයක්.
👉 ඒ කෙටි කාලය තුළ බොහෝ දුෂ්කරතා මැද රුසියාව අත්කරගත් විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව ඔස්සේ තමයි ඔවුන්ට හිට්ලර් කියන බිහිසුණු ආක්‍රමණිකයාට මුහුණ දීමට සිදුවුණේ.
👉 මේ යුද්ධයේදී රුසියානු හමුදා භටයන් මිලියන 8.7කට තමන්ගේ ජීවිත අහිමි වුණා. එසේම ඒ හමුදා භටයින්ද ඇතුළුව රුසියානු ජනතාව මිලියන 27කට දෙවැනි ලෝක යුද්ධයේදී ජීවිත අහිමි වුණා.
👉 එය එකල සෝවියට් ජනගහනයෙන් සීයට 13%ක් තරම් විශාල ප්‍රතිශතයක්.
👉 ඔවුන් එදා ඒ කැපවීම කළේ තමන්ගේ මව්බිම වෙනුවෙන් පමණක් නොවෙයි. හිට්ලර්ගේ නාසිවාදී වියරුවෙන් සමස්ත ලෝකයම මුදා ගැනීමට එදා දේශප්‍රේමී සෝවියට් වැසියන් ලබාදුන් දායකත්වය අතිමහත්.
👉 විශේෂ කාරණය තමයි රුසියාවේ යුද සැමරුමෙන් දින දහයකට පසු ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ දිනය උදාවීම.
👉 රුසියානුවෝ වසර 80කට පසුවත් තමන්ගේ ජයග්‍රහණය ඉහළින් සැමරුවත් ලංකාවේ ඇතැම් පිරිස්වලට වසර 16ක් යන විට තමන්ගේ අතීතය අමතක වෙමින් තිබීම කනගාටුවට කරුණක්.
👉 අමතක වීමෙන් නොනැවතී යුද්ධයට පරාජිතයන් මිස ජයග්‍රාහකයන් නැතැයි සිතන, ජයග්‍රහණය සැමරීමෙන් පරාජිතයාගේ සිත රිදෙන බව සිතන, විෂම කවි කල්පනා වැඩියෙන් ඇසෙන යුගයක් අද අපට පසුකිරීමට සිදුවී තිබෙනවා.
👉 යුද ජයග්‍රහණය නම් වචනයට පවා තමන් විරුද්ධ බව අද ඇතැම් ඇමතිවරු ප්‍රසිද්ධියේ පවසනවා.
👉 අප සැමරිය යුත්තේ යුද්ධයක් නොව, බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් පරාජය කොට, රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට උදාවූ සාමය සහ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මිනිසුන්ගේ අමිල පරිත්‍යාගය කියන සරල කාරණය පවා අද ඇතමුන්ට අමතක වෙමින් තිබෙනවා.
👉 ඉතින් තව දින කීපයකින් මේ මැයි 19 ලංකාවේ කුමක් සිදුවේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු. කවුරු නැතත් තනි තනියෙන් හෝ ඒ දිනය සිහිපත් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..