රුසියාවේ 80 වැනි යුද ජයග්‍රහණ සැමරුම සහ ලංකාව..
👉 1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.
👉 මෙවර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත මේ නිදහස් සමරුව සඳහා චීන ජනාධිපති ෂී ජින් පින් ඇතුළු රාජ්‍ය නායකයින් 28 දෙනෙකු මොස්කව් නුවරට පැමිණීමත් සුවිශේෂී කාරණයක්.
👉 එමෙන්ම ඒ නිමිත්තෙන් රතු චතුරස්‍රයේ පැවැත්වෙන පෙළපාළියට රටවල් 13ක හමුදා භටයින් සහභාගී වීමට නියමිතයි.
👉 එදා දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ ආක්‍රමණය එල්ල වන විට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවා ගත වී තිබුණේ වසර තිහකටත් අඩු කෙටි කාලයක්.
👉 ඒ කෙටි කාලය තුළ බොහෝ දුෂ්කරතා මැද රුසියාව අත්කරගත් විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව ඔස්සේ තමයි ඔවුන්ට හිට්ලර් කියන බිහිසුණු ආක්‍රමණිකයාට මුහුණ දීමට සිදුවුණේ.
👉 මේ යුද්ධයේදී රුසියානු හමුදා භටයන් මිලියන 8.7කට තමන්ගේ ජීවිත අහිමි වුණා. එසේම ඒ හමුදා භටයින්ද ඇතුළුව රුසියානු ජනතාව මිලියන 27කට දෙවැනි ලෝක යුද්ධයේදී ජීවිත අහිමි වුණා.
👉 එය එකල සෝවියට් ජනගහනයෙන් සීයට 13%ක් තරම් විශාල ප්‍රතිශතයක්.
👉 ඔවුන් එදා ඒ කැපවීම කළේ තමන්ගේ මව්බිම වෙනුවෙන් පමණක් නොවෙයි. හිට්ලර්ගේ නාසිවාදී වියරුවෙන් සමස්ත ලෝකයම මුදා ගැනීමට එදා දේශප්‍රේමී සෝවියට් වැසියන් ලබාදුන් දායකත්වය අතිමහත්.
👉 විශේෂ කාරණය තමයි රුසියාවේ යුද සැමරුමෙන් දින දහයකට පසු ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ දිනය උදාවීම.
👉 රුසියානුවෝ වසර 80කට පසුවත් තමන්ගේ ජයග්‍රහණය ඉහළින් සැමරුවත් ලංකාවේ ඇතැම් පිරිස්වලට වසර 16ක් යන විට තමන්ගේ අතීතය අමතක වෙමින් තිබීම කනගාටුවට කරුණක්.
👉 අමතක වීමෙන් නොනැවතී යුද්ධයට පරාජිතයන් මිස ජයග්‍රාහකයන් නැතැයි සිතන, ජයග්‍රහණය සැමරීමෙන් පරාජිතයාගේ සිත රිදෙන බව සිතන, විෂම කවි කල්පනා වැඩියෙන් ඇසෙන යුගයක් අද අපට පසුකිරීමට සිදුවී තිබෙනවා.
👉 යුද ජයග්‍රහණය නම් වචනයට පවා තමන් විරුද්ධ බව අද ඇතැම් ඇමතිවරු ප්‍රසිද්ධියේ පවසනවා.
👉 අප සැමරිය යුත්තේ යුද්ධයක් නොව, බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් පරාජය කොට, රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට උදාවූ සාමය සහ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මිනිසුන්ගේ අමිල පරිත්‍යාගය කියන සරල කාරණය පවා අද ඇතමුන්ට අමතක වෙමින් තිබෙනවා.
👉 ඉතින් තව දින කීපයකින් මේ මැයි 19 ලංකාවේ කුමක් සිදුවේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු. කවුරු නැතත් තනි තනියෙන් හෝ ඒ දිනය සිහිපත් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්