අන්තර්ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි
නෙදර්ලන්තයේ හේග් හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් සංවිධානයේ හිටපු නායකයකු වන මොහොමඩ් ඩයබ් ඊබ්‍රාහිම් අල්-මස්රි (මොහමඩ් ඩීෆ්) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
වරෙන්තු මගින් ඊශ්‍රායලයේ නෙතන්යාහුට සහ ගැලන්ට්ට “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ” චෝදනා එල්ල කරයි.
අන්තර්ජාතික අපරාධ අධිකරණය කියාසිටින්නේ නිලධාරීන් දෙදෙනා දැනුවත්ව ගාසා තීරයේ සිවිල් ජනතාවට ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෑ අහිමි කළ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.
ඊශ්‍රායලය ජූලි මාසයේදී මරාදැමූ බව කියන හමාස් සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන ඩීෆ්ට එරෙහි වරෙන්තුව “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ” සම්බන්ධයෙන් නිකුත් කර ඇත.
එය ඊශ්‍රායල ජාතිකයන් 1,139ක් ඝාතනය කෙරුණු ඔක්තෝබර් 7 ප්‍රහාරයන් සහ ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කෙරුණු රොකට් ප්‍රහාරවලට අදාළව බව පැවැසේ.
ඊශ්‍රායලයේ විපක්ෂ නායක Yair Lapid සහ හිටපු ආරක්ෂක අමාත්‍ය Avigdor Lieberman ඇතුළු ප්‍රමුඛ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් කිහිපදෙනකු ඊශ්‍රායල නායකයන්ට එරෙහි වරෙන්තු හෙළාදැක තිබේ.
එය අසාධාරණ බව සහ එමගින් නිරූපණය කෙරෙන්නේ අන්තර්ජාතික ප්‍රජාවගේ දෙබිඩි පිළිවෙත බව ද ඔවුහු පවසති.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..