ඉන්කාවරුන්ගේ මතකයට යළි ජීවය දෙමින් චීනයේ මූලිකත්වයෙන් නව Chancay වරාය විවෘත කෙරේ
චීනය සහ පේරු රාජ්‍යය විසින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කළ Chancay වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබේ.
මීට වසර 500කට පමණ පෙර පේරු හී මුතුන් මිත්තන් වන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කළාප හරහා ඉදිකළ Inca Trail පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින් මෙම වරාය ඉදි කර තිබේ.
මෙම වරාය ව්‍යාපෘතිය හේතුවෙන් පේරු රාජ්‍යයේ සංවර්ධනයට මහත් වූ දායකත්වයක් ලබා දෙනු ඇති බවද පැවසෙයි.
මෙම වරාය හරහා චීනය සහ ලතින් අමෙරිකානු කළාපය හරහා වෙළඳ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරමින් පේරු සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට ද භාණ්ඩ ප්‍රවාහනය පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.
මෙම වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ තාක්ශණය ඔස්සේ එක්ව තිබේ.
මෙවර එපෙක් සමුළුවට සමගාමීව පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙමින් මෙම ඓතිහාසික අවස්ථාවට ෂී ජින්පිං මහතා එක් වූයේ චීන ජනපති ධුරයට තේරී පත්වීමෙන් පසු පේරු රාජ්‍යයේ සිදුකරනු ලබන තුන්වැනි නිල සංචාරය සනිටුහන් කරමිනි.
එහිදි අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා පැවසුවේ වත්මන් Chancay වරාය "නව යුගයේ Inca Trail" සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බවය.
රාජ්‍ය නායකයින් දෙපළ Chancay වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම, මෙවර සංචාරයේ ප්‍රධාන ජයග්‍රහණයක් සහ විශේෂත්වයක් බවට පත් වූ අතර ඒ තුළින් දෙරට ජනතාව අතර පවතින සදාකාලික මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමක් ද වනු ඇත.
Chancay වරාය විවෘත කිරීම මෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක සහ තවත් ක්ෂේත්‍ර රැසක සාකච්ඡා සමඟින් බහුපාර්ශ්වික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම දක්වාත් මෙන්ම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පේරු රාජ්‍ය වෙනුවෙන් ප්‍රතිඵල රැසක් අත්කර දීමද විශේෂත්වයකි.
එමෙන්ම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හරහා චීන-පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පුළුල් කර ඇති බවත්, චීන-ලතින් ඇමරිකානු සහයෝගීතා සහ ‘ගෝලීය දකුණේ’ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් ලබා දී ඇති බවත් චීන වාර්තාවල සඳහන් වේ.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..