1988 /89 කාලයේ දී ඝාතනය කළ දේශප්‍රේමීන් සිහිපත් කරමින් පවත්වන ඉල්මහ විරු සැමරුම 13 දා බොරැල්ල කනත්ත මං සන්ධියේදී
1988 /89 කාලයේ දී ඝාතනය කරන ලද දේශප්‍රේමීන් සිහිපත් කරමින් පවත්වනු ලබන ඉල්මහ විරු සැමරුමක් 2024 නොවැම්බර් මස 13 වෙනි බදාදා පෙරවරු 10 ට බොරැල්ල කනත්ත මං සන්ධියේදී පැවැත් වේ.
ඉල්මහ සමරු පදනමේ කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන් මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.
මරා දැමූ ඉල්මහ විරුවන් සමරමු
ජනතා විමුක්ති පෙරමුණ යනු මේ රටේ දේශපාලන වංශකතාවේ කිසිදා අකාමකා දැමිය නොහැකි අද්වීතිය දේශපාලන පරිච්ජේදයකි.
1971 අරගලය වෙඩි උන්ඩයෙන් යකඩින් ගින්දරින් මර්දනය කර සිරගත කලද යලි ජනතා දේශපාලන ප්‍රවාහයකට 1978 න් පසුව අරඹා මේ රටට ජාතිකව හා ජාත්‍යන්තරව සතුරු කෙණෙහිලිකම් වලට එරෙහිව කොන්දේසි විරහිතව නොබියව පෙනිසිටියේ ජනතා විමුක්ති පෙරමුණ යි.
1983 ජවිපෙ තහනමත් සමග දේශපාලන ගමන්මග අඩපණ කරලීමට අන්ත දක්ෂිණාංශික කදවුර උත්සාහ කලද එම වියරුව පරාජය කරමින් කලාපීය හා ජාත්‍යන්තර සතුරුකම් වලට එරෙහිව නිර්ව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස දේශප්‍රේමිත්වය ගොඩනැගුවේ ජවිපෙ බවට විවාදයක් නැත.
1988 /89 ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුලු නායකත්වය සාහසික ලෙස ඝාතනය කලද කිසිදා යටපත් කල නොහැකි දේශප්‍රේමි දේශපාලන ව්‍යාපාරය ලෙස 1994 න් පසුව අද දක්වා ආ ගමන් මග සුවිශේෂී දේශපාලන කඩඉමක් බව අවිවාදිතය.
වෙඩි උණ්ඩයෙන් යකඩින් ගින්දරින් යටපත් කරනු ලැබු ඉතිහාසයක් හිමි මව්බිමේ උස් නිදහස වෙනුවෙන් ජිවිත පූජා කල රෝහණ විජේවීරයන් ඇතුලු 88 /89 ජ.වි.පෙ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තියේ හා සාධරණත්වය ඉටුකරගැනිමේ කාලය එළඹ තිබේ ..
35 වෙනි ඉල්මහ විරු සමරුව එවන් වූ අප්‍රතිහත නොසිදෙන ධෛර්යයවන්ත ජීවගුණයක් සහිතව ජීවිත පූජා කල සහෝදර සහෝදරියන්ට යුක්තිය හා සාධරණත්වය ඉටු කරගැනීම උදෙසා වන සැමරුමකි..
මේ ඒ සදහා ඔබට කරනු ලබන සහෝදරාත්මක විවෘත ආරාධනාවයි..!!
2024 නොවැම්බර් මස 13 වෙනි බදාදා පෙරවරු 10 ට බොරැල්ල කනත්ත මං සන්ධියේදී..
ස්තූතියි
අනුරාධ තෙන්නකෝන්
කැදවුම්කරු
ඉල්මහ සමරු පදනම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..