News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය පුවත්

ඉන්දියාවේ ඩිජිටල් පද්ධතිය තුළ තිබූ මිලියන 815කගේ දත්ත හොරකම් කර තිබියදී ශ්‍රී ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීම ගැඹුරින් සලකා බැලිය යුතුයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරණ වැඩ පිළිවෙල ඉන්දියාවේ “ආධාර්“ (Aadhaar) ක්‍රමවේදය බව ජනපති පැවැසුවත් එහි තිබූ මිලියන 815ක ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත හොරකම් කර ඇති බවත් එම නිසා ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමට පෙර සිය දහස් වාරයක් කල්පනා කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Operation Safeguard චිකාගෝවේ සිටින අනවසර සංක්‍රමනිකයන් පලවා හැරීමට ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

මහා පරිමාන හාල් මෝල් හිමියන් සහල් තොග සඟවා ඇතැයි පැවසීම බොරුවක්- ජනපති අනුර සිරසේදී කියයි

මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.

එකම ටෙන්ඩරය හතර වතාවක් ෆේල් වුනේ නැහැ!-අමාත්‍ය වසන්ත සමරසිංහ

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බවයි.

ප්‍රධාන පුවත

විදෙස් පුවත්

Operation Safeguard චිකාගෝවේ සිටින අනවසර සංක්‍රමනිකයන් පලවා හැරීමට ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

ට්‍රම්ප්ගේ පාලනය යටතේ අමෙරිකාව සමග වඩාත් සමීපව කටයුතු කිරීමට සූදානම් - මෝදි ට්‍රම්ප්ට ලියයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

ජනතා වියමන

වී ගොවියාට සහතික මිලක් දෙන්න ජාතික ගොවිජන එකමුතුවෙන් ඇමතිට යෝජනාවලියක්

2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තවත් කුමන්ත්‍රණයක..! ජාතික පාසල් පද්ධතිය හකුලවමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල මෙන්න...

ලක්ෂ හතළිස් තුනක පාසල් සිසුන් අතරින් දක්ෂතාවය මත තෝරා ගන්නා සිසුන් දෙදහසකට වැඩි පිරිසකට වසර පහකට කලින්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන් එම තැනට ගෙන ඒමේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කරුණු හෙළිකරයි.

ජනතාවගේ ජීවිත බිලිගන්නා ඔන්ලයින් ණය මාෆියා කල්ලිවල කෙරුවාව මෙන්න... (වීඩියෝ)

ඔන්ලයින් ණය මාෆියාව සම්බන්ධයෙන් කොතෙක් තොරතුරු හෙළිදරව් කළද කිසිඳු බලධාරියෙක් ඒ පිළිබඳව අවධානය යොමුකරන බව නොපෙනෙන බවත්, නව වටයකින් මෙම මාෆියාව වර්තමානයේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන පාර්ශ්ව පෙන්වා දෙති.

නව වටයකින් රඟදැක්වෙන බෙදුම්වාදී නාටකය තුළ වෙස්මුහුණකින් එන හිමාලයා ප්‍රකාශනය

නව ආණ්ඩුව බලයට පත්වීමට සමාන්තරව බෙදුම්වාදී බලවේග තමා විසින් රඟදක්වන නාට්‍යයේ පිටපත වෙනස් කරමින් ඉදිරිපත් කරන බව දැන් පැහැදිලිව දැකගත හැක. සමහර නාඩගම්වල සමස්ථ පණිවිඩය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා යොදාගනු ලබන්නේ විකටයකු හෙවත් විහිළුකාරයෙකි. දැන් සුමන්තිරන් මසහතාට කෙටි විරාමයක් ලබාදී අර්චුනා මන්ත්‍රීවරයා වේදිකාවට කැඳවන්නේ එම අත්හදා බැලීම සඳහා බව තේරුම්ගැනීම අමාරු නැත. ප්‍රභාකරන් දෙවියකු යැයි වෛද්‍යවරුන් පවා ඔහුට වැඳුම් පිදුම් කරන බව ප්‍රකාශ කිරීම මගින් ආණ්ඩුවට මෙන්ම දකුණේ බහුතර සිංහල ජනතාවට පමණක් නොව බෙදුම්වාදයට විරුද්ධ උතුරේ බහුතර ජනතාවට ද ප්‍රභල මානසික බලපෑමක් ඇතිවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මුවින් එම වචන පිටකිරීම නුසුදුසු වන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව මහ ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තරයට පෙනෙන ලෙස බරපතළ චරිතයක් රඟදැක්වීමට ඔහුව යොදාගත යුතු නිසා බවට තර්කයක් ගොඩනැගිය හැක.

Clean Sri lanka දාර්ශනික පදනම

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකිව යුතු අය කිසිවෙකු නිෂ්චිත අදහසක් ප්‍රකාශ කර නොමැති වුවද ඔවුන් තැන තැන ප්‍රකාශ කරන අදහස් වලින් ගම්‍ය වන්නේ හුදු පරිසරය පිරිසිදු කිරීමෙන් ඔබ්බට ගොස් සමස්ථ සමාජයම පිරිසිදු කරන කාර්යයකට අවතීර්ණ වී ඇති බවයි.

දවසේ කාටුන්

වීඩියෝ පුවත්

CleanSriLanka දාර්ශනික පදනම
CleanSriLanka දාර්ශනික පදනම - Dr Wasantha Bandara
ලෝකය වෙනස් කළ BRICS සමුළුව
රුසියාවේ කසාන් නගරයේ දී පැවැති 16 වන BRICS රාජ්‍ය නායක සමුළුව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසන්නේ BRICS සංවිධානය යනු ලෝකයේ ජනගහණයෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන, ලෝකයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 35කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන එන අතිශයෙන්ම බල සම්පන්න මහා සංවිධානයක් බවය.
මේ තමයි අපේ හෙළ වෙදකම
අපට අතහැරුනු, අපෙන් උදුරාගත් මෙරට දේශීය දැනුම් පද්ධතියේ සුවිශේෂත්වය පසක් කරන මෙම වීඩියෝව අතිශය වටිනා වීඩියෝවකි.
හැකිළුනු බෞද්ධ කොඩියක් දිගහරින වඳුරකුගේ විශ්මිත ක්‍රියාව (වීඩියෝ)
හැකිළුනු බෞද්ධ කොඩියක් දිගහරින වඳුරකුගේ විශ්මය දනවන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
යන කෙනෙක් ආපසු නොඑන අරුම පුදුම වනාන්තරයේ විස්මිත හාමුදුරුවෝ
අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයට කිලෝමීටර් 130ක් පමණ දුරින් පිහිටා ඇති ෂැනන්ඩෝ ජාතික වන උද්‍යානයේ දිවිගෙවන මහා වනස්පතියක් බඳු අග්ගමහා පණ්ඩිත පූජ්‍යපාද හේනෙපොල ගුණරතන නායක හිමියන්ගේ සම්බන්ධයෙන් සැකසුනු සුවිශේෂී විඩියෝව පහළින් නරඹන්න.
ඊශ්‍රායල කොඩිය හොටෙන් ඇන බිම දැමූ කපුටා
ඊශ්‍රායල ජාතික කොඩිය කපුටකු විසින් බිම දමන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ. කපුටා විසින් එම කොඩිය ඔසවා තිබිය දී හොටෙන් කොටමින් බිමට දමන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.

මුහුණු පොතින්

මීහරක් සමාජ මාධ්‍ය ඉස්සෙල්ලම නැතිකරන්න ඕන - රංගන ශිල්පී ජගත් චමිල

රංගන ශිල්පී ජගත් චමිල මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සමග සිදුකරන සාකච්ඡාව‍ක වීඩියෝ පඨයක් මේ දිනවල සමාාජ මාධ්‍යන්හි සැරිසරමින් ඇත ඔහු ඒහි සදහන් කරන්නේ ජනප්‍රිය වීමට මිනිසුන් ඔ්නෑම දෙයක් සිදුකරන බවත් අප ‌දෙදෙනා මෙතන කලිසම් ගලවගෙන සිටියත් ජනප්‍රියවීමට හැකිබවයි. එමෙන්ම ඔහු සමා මාධ්‍ය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ මීහරක් විසින් සිදුකරගෙන යන ලබන සමාජ මාධ්‍ය මුලින්ම නැතිකළ යුතු බවයි.

හෘදයාබාධ සහ පිළිකා වලින් පසු මාරාන්තිකම බටහිර බෙහෙත් - වෛද්‍ය පීටර් ගෙට්ස්ච් (වීඩියෝ)

හදෘයාබාධ සහ පිළිකා ලඟට මිනිසාට තුන්වැනියාට මාරාන්තික දොස්තරලාම දෙන බටහිර බෙහෙත් බව ඩෙන්මාර්ක් කොපර්හෙගන් නුවර ස්වාධින විද්‍යාඥයෙක් වන වෛද්‍ය පීටර් ගෙට්ස්ච් මහතා පවසයි.

අනුරට අළුතින් චීනයෙන් ආයොජනයක් ලැබුනේ නෑ ඉන්දියාවෙන් ලැබුනෙත් නෑ.

ඊනියා අරගලයෙන් පස්සේ ඉන්දියාව අපේ ත්‍රිකුණාමලය දිහ ඇහැ ගහගෙන හිටියේ බලවත් චීනය හම්බන්තොට කරන ආයොජන කුමන ක්‍රමයකින් වත් ඉන්දියාවට අත්පත් කර ගන්න බැරි පසුබිමක ඉන්දු සාගර කලාපයේ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ චීන ආධිපත්‍යයට එරෙහිව ඉන්දියානු බල ව්‍යාපෘතියේ සැලැස්ම වෙනුවෙන්.

ඉතිහාසයේ සිටම චීනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට ඉතා ඉහළ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් (වීඩියෝ)

චීනය ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට ඉතා ඉහළ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් දැක්වූ රටක් බවට කදිම උදාහරණයක් අප වෙත ලැබී ඇත.

-පළතුරු පූජා මාක්ස්වාදය-

මේ පින්තූරයේ දැක්වෙන්නේ අප දෙවියන්ට පූජාවට්ටි පුදන ආකාරයට චීන ජනතාව මාක්ස් ගේ ප්‍රතිමාවකට දොඩම් ඇතුළු පළතුරු ද තෑගි ද පුදා ඇති සැටි ය.එමෙන්ම මාවෝට,ඩෙන්ග්ට පමණක් නොව චියැං කායිෂෙක්ටද හඳුන්කූරු පත්තු කරනු ද ඇති පදම් දැක ගත හැක.

දැන්වීම් පුවරුව

දවසේ වීඩියෝව

CleanSriLanka දාර්ශනික පදනම
CleanSriLanka දාර්ශනික පදනම - Dr Wasantha Bandara
© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.