News Category
From Date
To Date
Maximum Number of Result

මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

චීන ආයෝජන කොල්ලකාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවත් කිසි විටෙකත් ආපසු ගෙවිය නොහැකි විශාල ණය සමඟ බැඳී ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(27) කියා සිටියේ, චීනය සහ අනෙකුත් රටවල් අතර අසමගිය වැපිරීමේ අරමුණින් එක්සත් ජනපදය ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු පතුරුවන නමුත් මෙම උත්සාහයන් සාර්ථක නොවනු ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

බටහිර රටවල වෙසෙන සමහර පුද්ගලයන්ට රුසියාවේ හැසිරීම අවබෝධ කර ගත නොහැකි නමුත් ඒ කාරණය රුසියාවේ සංවර්ධනයට බාධාවක් නොවන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

රුසියානු චැනල් වන් හි යුද වාර්තාකාරිනී ඇනා ප්‍රොකොෆීවා අද(26) යුක්රේනයට මායිම්ව පිහිටි බෙල්ගොරොඩ් කලාපයේ රාජකාරියේ යෙදී සිටියදී මිය ගොස් ඇතැයි වාර්තා වේ.

අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව අදාළ සහතික දරන තායිවාන ස්වදේශිකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂාව ප්‍රධාන භූමියේ බලධාරීන් දැඩි ලෙස ආරක්ෂා කරන බව චීන රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද(26) පැවසීය.

එක්සත් ජනපද තැරැව්කාර මැදිහත්ව රුසියාව සහ යුක්රේනය අතර ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමයකට යටත්ව ක්‍රෙම්ලිනය බලශක්ති පහසුකම් පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

ඊයේ(24) ලුගාන්ස්ක් මහජන ජනරජයේ රූගත කරමින් සිටි රුසියානු මාධ්‍යවේදීන් පිරිසක් යුක්රේන කාලතුවක්කු ප්‍රහාරයකට ලක් වූ අතර, ප්‍රහාරයෙන් අවම වශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙකු මිය ගොස් ඇත.


ප්‍රධාන පුවත්

රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය

මෙරට කෘෂි කර්මාන්තයට හානි කර සතුන් සංගණය කිරීමේ වාර්තාව ඊයේ දිනයේ(28) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ප්‍රකාශ වුවද වාර්තාව සමාජගත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA) ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය.

ආණ්ඩුව බිය ගන්වා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න දයාන් ජයතිලකත් එකතුවෙයි

එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධව බරපතළ යෝජනාවක් සම්මත කිරීමට නියමිත බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරයි. ඔහුට අනුව එම යෝජනාව ඉදිරිපත් කරන්නේ මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව විසිනි.

ඉන්දීය අගමැති දින තුනක් ලංකාවේ ගත කරයි

2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි පැවසේ.

මියන්මාරයට දරුණු භූමි කම්පාවක්!

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

චීන ආයෝජන පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රුබියෝගේ ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යයාංශයෙන් ක්ෂණික ප්‍රතිචාර

චීන ආයෝජන කොල්ලකාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවත් කිසි විටෙකත් ආපසු ගෙවිය නොහැකි විශාල ණය සමඟ බැඳී ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(27) කියා සිටියේ, චීනය සහ අනෙකුත් රටවල් අතර අසමගිය වැපිරීමේ අරමුණින් එක්සත් ජනපදය ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු පතුරුවන නමුත් මෙම උත්සාහයන් සාර්ථක නොවනු ඇති බවයි.

රුසියාව යුක්රේන හමුදා ‘අවසන්’ කරනු ඇත - පුටින්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක්.... විමල් වීරවංශ

යුද්ධය නිමා කිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් 3 දෙනෙකුට සහ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමට සහයෝගය දැක්වූ කරුණා අම්මාන් ඉලක්ක කොටගෙන බ්‍රිතාන්‍යය විසින් පණවනු ලැබූ සම්බාධාක සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම සම්බාධක සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක් බවයි.

සිරි දළදා වන්දනාවට වංචනිකව මුදල් ගැරූ පුද්ගලයින්ට නිසි පියවර ගන්නැයි අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

සිරි දළදා වන්දනාව සඳහා වංචනික ලෙස අරමුදල් රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අන්තර්ජාතික පියවර අත්‍යවශ්‍යයි - හියුමන් රයිට්ස් වොච්

ශ්‍රී ලංකාව වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, එල්ටීටීඊයට එරෙහි ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම්වලදී සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අන්තර්ජාතික පියවර අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.