රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාව තහනම් වෙයි..
රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ.
ඔහු පවසා ඇත්තේ "විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්" සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය.
එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ "අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ," යනුවෙනි.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.
මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්