News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ඔවුන් ඉදිරිපිටම චෝදනා කර තිබේ.

හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට හලාවත අධිකරණය අද (04) තීරණය කළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා මහතා පවසයි.

“එදා ත්‍රීවිල් ඔක්කොම තල්ලුකරගෙන ගියේ. අද ඕන තරම් ඉන්ධන තියෙනවා. දෙස් විදෙස් මගීන් ඉන්නවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ත්‍රීවිලර් එකේ දාගෙන… ජාතික ජන බලවේගයට ජය වේවා කියලා පෝස්ටරයක් අලවගෙන යන්න පුළුවන්” යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විශ්මිත දැනුම් පද්ධතියක් හා විශ්මිත හෙළ වෙදකමක් උරුමව තිබූ රටේ දේශීය වෙදකමට විෂ කටුවක් ගසා සිසිර ජයකොඩි ඇමැතිවරයා විසින් පනතක් ගෙන ආ බවත්, ඔහු දැන හෝ නොදැන ගෙන ආ මෙම පනත මගින් කංසා නීතිගත කර ලිංගික සේවා වෙළෙඳපොලක් මෙරට නිර්මාණය වීම සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සමගි ජන බලවේග සන්ධානය කොළඹ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී හෙට (අප්‍රේල් 5) පිහිටුවීමට සියලු කටයුතු සූදානම් බව සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු, මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.