ඉරානයට එරෙහි ප්‍රහාරවලට තම හමුදා කඳවුරු භාවිත කරන්න ඉඩ දෙන්න බැහැ කියූ ස්පාඤ්ඤයට ට්‍රම්ප් තර්ජනය කරයි..
ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදාළ මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවට එරට කඳවුරු භාවිත කිරීමට ඉඩ දීම ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, එරටට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමග පැවැති හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ, "ස්පාඤ්ඤය ඉතාමත් නරක ලෙස කටයුතු කර ඇති" බවයි.
ස්පාඤ්ඤය සමග පවතින "සියලුම ගනුදෙනු නතර කරන ලෙස" තමා මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ට (Scott Bessent) දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
දකුණු ස්පාඤ්ඤයේ රොටා (Rota) සහ මොරොන් (Moron) හමුදා කඳවුරු ඉරානයට පහර දීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බව එරට සමාජවාදී නායකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු, අමෙරිකාව විසින් ඉන්ධන පිරවුම් ටැංකි ඇතුළු ගුවන් යානා 15ක් එම කඳවුරුවලින් ඉවත් කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සියලුම නේටෝ සාමාජිකයින් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ යුතු බවට අමෙකාව කළ ඉල්ලීම ස්පාඤ්ඤය නොසලකා හැරීම පිළිබඳවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබේ.
"ස්පාඤ්ඤයට අදාළ සියලුම ව්‍යාපාර නතර කිරීමට මට අයිතියක් තිබෙනවා. සම්බාධක පැනවීම හෝ මට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පුළුවන්. අපි ස්පාඤ්ඤය සම්බන්ධයෙන් එය සිදු කිරීමට ඉඩ තිබෙනවා," යනුවෙන් ඔහු පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..