News Category
From Date
To Date
Maximum Number of Result

මුලතිව් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට කිසිදු ජීවිත තර්ජනයක් හෝ වෙනත් තර්ජනයක් නොතිබූ බවත් අවම තරමින් සිය බිරියටත් නොදන්වා ඔහු විදේශගත වී ඇත්තේ පූර්ව සැලසුමකට බවත් මේ වන විට සිදු කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය රජයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය දරාගැනීමට නම් ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට විසිදෙකකින් ඉහළ දැමීම හැර කිසිදු විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය සමුපූර්ණයෙන්ම බලාත්මක කළහොත් රටට සිදුවන විපත පැහැදිලි කරමින් ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ‘ද අයිලන්ඩ්‘ පුවත්පතට සපයන ලද කොටස් 9කින් සමන්විත දීර්ඝ නිබන්ධනය ඔහු අවසන් කරන්නේ මෙසේය.

ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වලට මැදි ව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රි ලංකා තානාපතිවරයාට පවතින වාතාවරණය හමුවේ එම සංචාරය නතර කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිත ව තිබේ.

ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසර තුනක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් සහ ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.


ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.