News Category
From Date
To Date
Maximum Number of Result

ගෝලීය උණුසුම පාලනය කිරීම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, සුලිකුණාටු වැනි තත්ත්වයන් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුවක් බවට පත්ව ඇත්තේද ගෝලීය උණුසුමේ වැඩිවීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

අද(09), ජාත්‍යන්තර සහයෝගීතාවයට කැප වූ නෝර්වීජියානු සංවිධාන සන්ධානය විසින් මාරියා කොරිනා මැචාඩෝට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමට නොබෙල් කමිටුව ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි .

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කිරීමට නියමිතය.

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් වන නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මතභේදාත්මක හා නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ කඩිනම් අවධානය සහ මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා පරිසර සංවිධානයක් වන ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් යුනෙස්කෝ මහ ලේකම්වරයා වෙත ලිපියක් භාර දී ඇත.

අද බෞද්ධ භික්ෂූන්වහන්සෙලා තරම් නිග්‍රහයට අභියෝගයට ලක්වන වෙනත් පිරිසක් නොමැති තරම් බවත්, අද රටේ ක්‍රියාත්මක වන ජාතික සහ විජාතික බලවේග ඉතා සැලසුම් සහගතව මෙරට බුදුදහම සහ ඒ ආශ්‍රයෙන් ගොඩනැගුණු සංස්කෘතිය විනාශ කිරීමට දැඩි උත්සාහයක නිරතවී සිටින බවත් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසති.

වෙළඳ පොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 40 සිට50 දක්වා මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.

ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ ක්‍රියාවලියට රජයේ දේශපාලන නියෝජිතයන් බලපෑම් කරන බවට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම ලධාරීන්ගේ සංගමය මේ වනවිට චෝදනා කරයි.

කැරිබියන් දූපත් ආශ්‍රිතව ඉහළ යන භූ දේශපාලනික ආතතීන්ට අනුකූලව එක්සත් ජනපද සහ යුරෝපීය ගුවන් සේවා අනතුරු ඇඟවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් කිහිපයක් මෙහෙයුම් අත්හිටුවීමත් සමඟ වෙනිසියුලානු ගුවන් සමාගම් කලාපීය ගුවන් ගමන් සේවා පුළුල් කරමින් සහ තවත් ගුවන් ගමන් එකතු කරමින් සිටින බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.