News Category
From Date
To Date
Maximum Number of Result

තමා අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ අසන්තෝෂයෙන් බවත්, ජනපතිවරයාට ගැටලු දැනුම්දුන්නත් විසඳුමක් නොලැබුණු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොඩනැගීමට නියමිතව තිබූ නව සංධානය බිහිකිරීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා බව නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඉන්ධන අලෙවිය සියයට පනහකින් අඩුවී ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමය පවසයි.

දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය සමග පවතී විශේෂ සම්මුඛ සාකච්චාවකදී සඳහන් කර ඇත්තේ රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම සහ හැකියාව තමන් සතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඊයේ (05) අධිකරණයේ දී අනාවරණය වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.