අරුණලා රවීලා ශානිලා වගේ සලෙත් මාලිමා වේදිකාවට නැග්ගා නම් අද ඇමති කෙනෙක්.. – චාමර සම්පත් දසනායක
මේ රටේ යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් මේජර් ජනරාල් සුරේෂ් සලේ, සිරිල් ගාමිණී පියතුමාට වඩා තමන්ට වටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
“පිල්ලෙයාන් DO ගහලා අවුරුද්දක් තියාගෙන ඉන්නවා. පිල්ලෙයාන්ගෙත් මොනවාද ගත් තොරතුරු කියලා ඇමති හරි පොලිසිය හරි රටට තවම කියලා නෑ. සලේ අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර බෝම්බ පුපුරන කොට අරුණ ජයසේකර නැගෙනහිර ආඥාපති. රවී සෙනෙවිරත්න CID එකේ. ශානි අබේසේකරත් එතන.
අනුර දිසානායක ජනප්‍රිය වෙනකොට, ජාතික ජන බලවේගය දිනනවා කියලා හිතන කොට ශානියි, අරුණයි, රවියි ඒ වේදිකාවට නැග්ගා. නැතිව එයාලා JVPකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කඩේ ගිය අය. එක්කෙනෙක් ඇමති වුණා. එක්කෙනෙක් ලේකම් වුණා. එක්කෙනෙක් CID ලොක්කා වුණා. සලෙත් ඒ වේදිකාවට නැග්ගා නම් එයාත් අද ඇමති කෙනෙක්. නැත්නම් වෙන ඉහළ තනතුරක.
කොටි දෙකට බෙදන්න සලේලා විශාල වැඩ කොටසක් කළා. යුද්දේ ඉවර කළේ සලේලා. ඒකට එක එක අය ලකුණු දාගත්තා. එදා බුද්ධි අංශවල වැඩ කළේ සිංහල අය නෙමෙයි, දෙමළ දන්න මුස්ලිම් අය. සලේ මේ ගැන අනතුරු ඇඟෙව්වා. විජේදාස රාජපක්ෂ 2017 ඒ ගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එදා ආණ්ඩුවයි, රවීලයි කිව්වා විජේදාස රාජපක්ෂ කොරහේ කිඹුල්ලු දකිනවා කියලා. සිරිල් ගාමිණී පියතුමා කියනවා සලේ ගැන කතා කරන්න එපා කියලා. එහෙම කතා කරන්න එයා කවුද? මේ රටේ යුද්දේ ඉවර කළ නායකයෝ සිරිල් ගාමිණී පියතුමාට වඩා අපට වටිනවා.”
පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..