News Category
From Date
To Date
Maximum Number of Result

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමකින් තොරව ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව කණගාටුවට පත්වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

බාල අක්‍ෂි දියර ලබාදීමෙන් දෑස් අඳ රෝගීන්ට වන්දි ලබාදීමක් හෝ එම අපරාධය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් ද මෙතෙක් සිදු නොවීම බරපතළ ගැටලුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකට පොලු මුගුරු රැගත් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද පස්වරු 06.00 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබෙන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අවිනිශ්චිතතාවය මත ශ‍්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කර සිටින ආයෝජකයන් ඒවා විකුණා දැමීමට උත්සුක වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරයි.

බංග්ලාදේශයේ මේ වන විට ඇති වී ඇති විදුලිබල අර්බුදයට ප්‍රධානම හේතුව ඉන්දියාවේ අදානි සමාගමත් සමග ඇතිකරගත් ගිවිසුම බවත්, මෙම ගිවිසුම විනිවිධ භාවයෙන් තොර අධික මිලට විදුලිය ලබා ගන්නා ගිවිසුමක් බවත් මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

'මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර විසින් සඳහන් කර තිබේ.

දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය මහතා වැඩ තහනමට ලක්ව ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.