News Category
From Date
To Date
Maximum Number of Result

බෙදුම්වාදී ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මෙරට දේශපාලකයන් වැඩ කටයුතු කළේ භීතියෙන් බවත්, අද ඔවුන් සියලු දෙනාට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට හැකි වී ඇත්තේ වීරෝධාර රණවිරුවන් දශක තුනක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා විසින් පසුගියදා නුවරඑලිය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදි දුරකථනයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතාට දුරකථන ඇමතුමක් ලබා දි වතු කම්කරුවන්ට වැඩිකල වැටුප නොගෙවන්නේ නම් වතු පාලන අධිකාරියේ නිවාස ගිනි තබන ලෙසට කල ප්‍රකාශය මැතිවරණ කටයුතු වලට බාධාවක් වන බව පවසමින් කොළඹ කොටස් වෙලදපොලේ ප්‍රධාන නියාමන නිලධාරි රේණුක විජේවර්ධන මහතා විසින් ලිපියක් යොමු කර ඇත.

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට බටහිර බලවතුන්ට උවමනා ප්‍රතිපත්තීන් රිංගවා ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයේදී ඒ කාට කතිරේ ගැසුවත් එකම ප්‍රතිඵලය අත්වනු ඇතැයි පෙන්වා දෙන සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා මේ තිදෙනා තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කරන විට දීමට උත්තර නොමැතිව, විවාද මඟහරින පිරිසක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද (09) පස්වරුවේ මහනුවර දී පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලි වේදිකාවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය එක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණය අයිතිය, පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැම අතින්ම සමාන බව කොළඹ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රංශ ජාතික විද්වතෙකු වන ඉග්නාෂියෝ රමොනෙට් කියුබාව ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් කරන ලෙසට අමෙරිකානු ජනපතිගෙන් ඉල්ලා සිටියි.

‘සූර්ය බල සංග්‍රාමය’ හරහා මෙගාවොට් 1000ක සූර්ය බල ශක්තියක් ප්‍රධාන විදුලිබල ප්‍රවාහයට එක්කරදීම සඳහා මූලිකත්වය ගනිමින් වසරකට රුපියල් බිලියන 125 බැගින් රටට ඉතිරි කර දුන් බව සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ හිටපු සභාපති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව යි.


ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.