News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන වාසි තකා විශේෂයෙන් 2022 අරගලයේ දී සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව නොමඟ යවන සුළු වීඩියෝ පට හුවමාරු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

ලබන 21 වැනිදා පැවැත්වෙන නව වැනි ජනාධිපතිවරණයේ දී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් හා ප්‍රධාන තේරීම් භාර නිලධාරි ලලින්ද ගමගේ මහතා පවසයි.

අපේ ජාතික පුනරුද ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන් මෙන්ම බෞද්ධාගම රැකගනිමින් සිංහලයා තුළ ස්වයංපෝෂිත සුචරිතවත් පිබිදීමක් ඇති කරන්නට ක්‍රියාකළ ශ්‍රේෂ්ඨතමයකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 160 වන ජන්ම සංවත්සරය අද(17දා) ට යෙදී තිබේ.

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබේ.

ජාතික ජනබලවේගයේ සභික වසන්ත සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායම සොරකම නවත්වනවා යැයි විශාල රැල්ලක් ඇති කරමින් ජනතාව එයට පොළඹවා ගනිමින් කටයුතු කළ ද, ඔවුන් සැබෑ ලෙසම සොරකම නවත්වනවා ද, නැතිනම් සොරකම තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් භාවිතා කරන වචනයක් පමණක් දැයි එම අහිංසක ජනතාව නොදන්නා බව සරසවි ඇදුරු, නීතිඥ සහ වෘත්තීයවේදී එකමුතුව පවසයි.

‍2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.

කොටස් දෙකකට බෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ එක් කොටසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගත්, අනෙක් කොටස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යටතේත් කටයුතු කිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේ දී අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවත්, මෙම නායකයන් දෙදෙනාගෙන් කවුරුන් හෝ යටතේ නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීම සඳහා මෙම මැතිවරණයේ දී පක්ෂ දෙකයම වාසි සාහගත වන අයුරින් ඡන්දය භාවිතා කළ යුතු බවත් සඳහන් පත්‍රිකාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.


ප්‍රධාන පුවත්

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.