උප සභාපතිගේ උපවාසයෙන් පසු පාතහේවාහැට ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කේ.එස්.බී. රාජනායක මහතා ඊයේ (01) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාවේ ලේකම්වරිය වෙත භාර දී ඇති බව වාර්තා වේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාවට තේරී පත් වූ රාජනායක මහතා, සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂය සමඟ සන්ධානගත විය.
එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය වැඩි කොට්ඨාස සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද, සභාවේ බහුතර බලයක් හිමි කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සමගි ජන බලවේගය සහ සර්වජන බලය එක්ව පාලන බලය අත්පත් කරගන්නා ලදී.
මෙම එකඟතාවය අනුව සභාපති ධුරය සමගි ජන බලවේගයටත්, උප සභාපති ධුරය සර්වජන බලය පක්ෂයටත් හිමි විය.
කෙසේ වෙතත්, සභාපතිවරයා සහ උප සභාපතිවරයා අතර පසුගිය කාලසීමාව පුරා දැඩි මතභේදාත්මක තත්ත්වයක් පැවතිණි. සභාපතිවරයා අත්තනෝමතික ලෙස පාලන කටයුතු මෙහෙයවන බවට චෝදනා කරමින්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරන උප සභාපතිවරයා මීට සති කිහිපයකට පෙර විරෝධතා උපවාසයක පවා නිරත විය.
සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරියේදී සභාවේ පාලන බලය මෙහෙයවන ආකාරය පිළිබඳව නව තීරණයක් ගැනීමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..