කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කරලා.. - කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකර දීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරන අවංක උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සම්පූර්ණ සහාය පළ කරන බව නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජාප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් ද්වේෂසහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටින බව රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.
මීට වසර හතකට පෙර 2019 අප්‍රේල් 21වනදා සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීම මෙහි මූලික අරමුණ වී ඇති බව කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දිගු කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගන්නා බවට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය විසින් දැඩි ලෙස හෙළා දකින අතර, කතෝලික ශාසන නීතිය පිළිබඳව ජනතාව නොමඟ යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයන් සම්බනධයෙන් ද අප්‍රසාදය පල කළ තිබේ.
අදාල නිවේදනයෙන් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකර ඇත.
ශාසන නීතිය (කැනන් නීතිය 401): කතෝලික සභාවේ නීතියට අනුව ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දිය යුතුය.
විශ්‍රාම ගැනීම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය හෝ ධුර කාලය දිගු කිරීම තීරණය කිරීමේ පරම බලය පවතින්නේ අති උතුම් ශුද්ධෝත්තම පියතුමාට පමණි.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 විය සපිරූ වහාම ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇත. ඒ සඳහා ශුද්ධෝත්තම පියතුමාගේ අනුමතිය ලැබෙන තුරු සිය ධුරයේ වගකීම් ඉටු කිරීමට උන්වහන්සේ ශාසනිකව බැඳී සිටිති.
"කතෝලික සභාවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ දේශපාලන ලෝකයේ පවතින බල අරගල කිසි විටක සංසන්දනය කළ නොහැකිය. සාමාන්‍ය සිවිල් නීතියේ බලය සැමවිටෙකම ආණ්ඩුකරණය සමග බැඳී ඇති අතර කතෝලික සභාවේ බලය පවතින්නේ 'දේව සේවය' තුළය." යනුවෙන්ද සඳහන් වේ.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශීය මෙන්ම විශ්ව කතෝලික සභාවට සිදුකළ මෙහෙවර අගය කරන බවත්, ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් උන්වහන්සේ ආරම්භයේ සිටම පෙනී සිටින්නේ පිරිසිදු හා අවංක චේතනාවෙන් බවත් රදගුරු මණ්ඩලය පවසයි.
ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ජනතාවගේ සහ රදගුරු මණ්ඩලයේ නොසැලෙන සහයෝගය උන්වහන්සේ වෙත හිමිවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම නිල නිවේදනය ඊයේ (01) දින , ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති (කුරුණැගල කතෝලික රදගුරු) අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ එහි මහලේකම් (මඩකළපුව අපෝස්තලික පරිපාලක, කොළඹ සහයක රදගුරු) අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..