News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර බලවතුන්ගේ සල්ලි පොම්ප කිරීම් හමුවේ "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" අතහැර ඇති දේශපාලන කඳවුරුවල රූකඩ අපේක්ෂකයන් වෙනුවට "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුර වන සර්වජන බලය දේශපාලන කඳවුරෙහි ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා දිනවීමට පෙරට එන්නැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් ඉල්ලා සිටියි.

ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශ මේ වන විට රට හමුවේ ඉදිරිපත් කර ඇති බවත්, ඇතැම් අපේක්ෂකයන් රටේ මූලයන් සිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරීව තම ප්‍රතිපත්තිවලට කරුණු ඇතුළත් කර ඇති බවත් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, පූජ්‍ය අගුලුමැල්ලේ සිරි ජිනාන්ද හිමියෝ පවසති.

විශාල එක්සත් ජනපද ෆෙඩරල් ණය ගොන්නට සේවා සැපැයීමේ පිරිවැය මේ වන විට ආරක්ෂක අයවැය ඉක්මවා යමි තිබෙන බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඇල්ල්-ඓන් පොඩ්කාස්ට් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු රට “ඉතාම ඉක්මනින් බංකොලොත්” වන බවද වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය ඇමැතිවරුන් 05 දෙනකු ඊයේ (10දා) එම ධුරයන්ගෙන් ඉවත් කර ඇත.

රුසියානු පොටෑෂ් පොහොර තොගය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා විසින් මෑතකදී හෙළිදරව් කරන ලද කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් කරුණු වැඩිමනත් එකතු කරනු ලබයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක මහතා විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

1988 ජනාධිපතිවරණයේ දී සුළු ජාතික පක්ෂවල ඡන්දය ලබාගැනීම සඳහා එවකට බලයේ සිටි රණසිංහ ප්‍රේමදාස මහතා මාස 6ක් තුළ රටට ඉතාම හානිකර ව්‍යවස්ථා සංශෝධන 3ක් සම්මත කළ බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා හෙළිකරයි.

තමන් වරදක් සිදුකර නැතිනම් ජනතාව හමු වී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.