රජකමට සුදුසුයි කිවුවේ හැම ගොවියම නෙමෙයි.. උඩුනුවර, යටිනුවර ගොවි තැන් කළ ඉහළ කුලවලට අයිති අයටයි..
ගොවියන් රජවරුන් ලෙස හැඳින්වීම අතීතයේ සිට පැවත එන අසත්‍ය ප්‍රකාශයක් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඓතිහාසික කරුණු ගෙනහැර දක්වමින් පැහැදිලි කිරීමක් කළේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය මෙරට සමස්ත ගොවි ජනතාවටම අදාළව නොව, එක්තරා විශේෂිත ඓතිහාසික පසුබිමක් මත ගොඩනැගුණක් බවයි.
මෙහිදී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා, රොබට් නොක්ස් උපුටා දක්වමින් සඳහන් කළේ, මහනුවර යුගයේදී උඩුනුවර සහ යටිනුවර යන ප්‍රදේශවල ගොවිතැන් කටයුතුවල නිරත වූ එවකට සමාජයේ ඉහළ කුලවලට අයත් පුද්ගලයන් බවයි.
"රොබට් නොක්ස් සඳහන් කර තිබෙනවා උඩුනුවර සහ යටිනුවර ගොවිතැන් කළ ගොවියෝ, ගොවිතැනින් ඉවත් වී මඩ සෝදාගත් පසු රජ පුටුවේ වාඩි කරවීමට තරම් සුදුසු ඉහළ කුලවල අය බව. ‘මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි’ කියන ප්‍රසිද්ධ කියමන බිහිවුණේ අන්න ඒ ඓතිහාසික පසුබිම තුළයි. එය රටේ සෑම ප්‍රදේශයකම සිටින සෑම ගොවියෙකුටම අදාළව කියූවක් නොවෙයි" යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
කාලයත් සමඟ මෙම විශේෂිත නිරීක්ෂණය පොදු ජනප්‍රවාදයක් සහ කියමනක් ලෙස සමාජගත වී ඇති බවත්, අමාත්‍ය ලාල්කාන්ත මහතා සිය ප්‍රකාශය මගින් අදහස් කරන්නට ඇත්තේ එම ඓතිහාසික සත්‍යය පිළිබඳව විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..