සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න.. - අධිකරණයෙන් නියෝග
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය (Password) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) සැකකාර සුරේෂ් සලේට නියෝග කළේය.
පෙර නඩු දිනයේදී පැමිණිලිකාර පාර්ශවය ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව පිටු 23කින් යුත් නියෝගය අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නේය.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව මෙම විමර්ශනයෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත්ව තිබූ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මීට අමතරව, තෙවන සැකකරු වන සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නිවැසියන් විසින් ලබා දීමට ඉල්ලා සිටි පුවත්පත් සහ ලිඛිත ද්‍රව්‍ය ලබා දීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව, අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ අතර, එවැනි ප්‍රකාශයක් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව ද දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාල පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් සාක්ෂි නොමැති බව පවසමින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, තෙවැනි සැකකරුගේ නීතිඥවරයා සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කරන ලද ඉල්ලීමට අදාළ නියෝගය ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම, මෙම සිද්ධියේ තුන්වන සැකකරු වන සුරේෂ් සලේව ඉදිරි නඩු කටයුතු පවතින දිනවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ (Video Technology) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ.
මෙම නඩුකරය ලබන සැප්තැම්බර් මස 02 වන දින නැවත කැඳවීමට නියමිතයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..