News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රාහී පක්‍ෂයක් ලෙස නැවත ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලිපියක් යොමු කර ඇත.

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

රටේ ජනතාව නොසන්සුන් වන ආකාරයට LTTE සංවිධානයට සම්බන්ධ මහවිරු සැමරුම් පිළිබඳ තොරතුරු ප්‍රචාරය කළ බවට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වර්තමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා 2022 වසරේදී කැඳවන ලද නාමයෝජනා අහෝසි කර දැමීමට පසුගිය සඳුදා සවස පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයන් තීරණය කර ඇත.

සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් නව මාදිලියක් යටතේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සමගි ජන බලවේගය සහ ශ්‍රී‍ ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 දා) නියෝග කළේය.


ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.