පිටරටින් අසීමිත ලෙස කෘෂිකාර්මික ඵලදාවන් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ගොවියා දැඩි ආර්ථික පරිහානියකට පත්ව ඇති බව "දේශයේ ගොවි හඬ" සංවිධානය පවසයි. නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක, මධ්‍යම පළාත් නියෝජිත නලින්ද සේනාරත්න, නුවරඑළිය ගොවි සන්ධානයේ ලේකම් හසිත වීරසිංහ සහ නුවරඑළිය තරුණ ගොවිසභාවේ සභාපති සම්පත් ගුණරත්න යන මහත්වරුන් මේ බව අවධාරණය කළේය.
වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව බලයට පත් වුණේ මේ රටේ පොදු ගොවි ජනතාවගේ සහ වැඩකරන ජනතාවගේ කරමතින් වුවද, බලයට පත්වූ වහාම ඔවුන් ගොවියා පාවා දී මහා පීඩාවකට ඇද දමා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” දෙන බව කියා බලයට පැමිණි පාලකයින් අද වන විට රටේ සමස්ත ගොවි ජනතාවම හිඟමනට පත් කර මහමඟට ඇද දමා ඇති බවයි.
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..