චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් බෙයිජිංහි පැවති නිල සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, වසර 105ක් පුරා විහිදුණු පක්ෂයේ අඛණ්ඩ අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කිරීමට සමත් වී ඇති බවයි. මෙම ඓතිහාසික ගමන්මඟ චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කරන මෙම වසර 105ක ඉතිහාසය ලෝක ඉතිහාසයේ ගමන් මඟ ශක්තිමත්ව ගොඩනැගීමට ද සෘජුවම දායක වී ඇති බව අවධාරණය කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීම හරහා මානව හිමිකම් කඩවීමක් සිදුව ඇති බවට පෙනෙන්නට ඇති බවත්, ඒ පිළිබඳව සහ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනීසිටීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස සැම විටම කටයුතු කරන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශන තුළින් මෙරට ජනතාව නොමග යැවීමකට ලක්කර ඇති බවත්, මෙම විමර්ශන ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍ය අභියෝගයකට ලක්කරන තැනකට අද වන විට පත්කර ඇති බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නේවාසික නිත්‍ය නියෝජිත, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා නගයි.
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..