පිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ
රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.
එල්.ටී.ටී.ඊ, හිතවාදී ඩයස්පෝරාවේ කටයුතු වැඩිවී තිබීමත් විදේශීය රටවල සහාය රාජ්‍ය මට්ටමින් ඔවුන්ට ලැබෙමින් තිබීමත් හමුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ඉහළම තනතුරු දරන්නන් ඒ පිළිබඳව අවධානය යොමු කර නිසි පියවර ගනීවි යැයි අපේක්ෂා කරන බවද ඔහු පවසයි.
සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි මෙම අවධාරණය සිදුකර තිබෙන්නේ සතිඅග පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
යුදමය වශයෙන් සතුරා පරාජයට පත් කළත් ඔවුන්ගේ බෙදුම්වාදී මතවාදය පරාජයට පත්වුවාද කියන සැකය ඇති බව සඳහන් කරන ඒ මහතා, ඇතැම් අවස්ථාවලදී රටක් ලෙස ශක්තිමත් නැතිනම් සතුරා ශක්තිමත් වන බවත් මෙයට මුහුණදීම ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිවෙකුට තනිවම තනිව සිදුකළ හැක්කක් නොවන බැවින් ඊට රටේ සියළු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවද පවසයි.
උතුරේ කඳවුරු ඉවත්කිරීම සම්බන්ධව වන යෝජනාව සම්බන්ධවද මෙම සාකච්ජාවේදී අවධානය යොමුකර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා පවසන්නේ කඳවුරක් ඉවත් කිරීම ගැන තීරණය ගන්නේ ජාතික ආරක්ෂක කවුන්සිලය බවයි.
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුත් ජාතික ආරක්ෂක කවුන්සිලය අදාළ තක්සේරුවලින් පසුව ඒ තීරණය ගන්නා බවද ඔහු පවසයි.
දැනට පවත්වාගෙන යන කඳවුරු නිසි තක්සේරුවකින් ආරක්ෂක කවුන්සිලය විසින් පවත්වාගෙන යන කඳවුරු විය යුතු බව පෙන්වාදෙන ඒ මහතා, දැනට පවත්වාගෙන යන කඳවුරු ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම රජය විසින් කරන ඥානාන්විත පියවරක් වන අතර කාලීනව ඇගයීම් කර අවශ්‍යතාව මත කඳවුරු ඉවත් කිරීම හෝ අලුතින් ඇති කිරීම කළ හැකි බවද සඳහන් කර සිටියි.
ජාතික ආරක්ෂාව යනු පුළුල් විෂයක් වන අතර ජාතික ආරක්ෂාවේ පූර්ණ වගකීම තියෙන්නේ රජයට බවත් රාජ්‍ය නායකයා ජාතික ආරක්ෂාවේ භාරකරු වන අතර යුදමය වශයෙන් විය හැකි තත්වයන්ගෙන් රට ආරක්ෂා කිරීම එහි යුදමය පරමාර්ථය වන බවත් ඔහු පෙන්වා දෙයි.
භෞතික වශයෙන් රටට ඇතිවිය හැකි බලපෑම්වලින් ජනතාව හා දේපළවලට විය හැකි තර්ජන වැළැක්වීම භෞතික ආරක්ෂාවට ඇතුළත් වන අතර වරාය, ගුවන්තොටුපොළ, මාර්ග පද්ධතිය, පාලම්, දුම්රිය මාර්ග, සන්නිවේදන පද්ධති වැනි යටිතල පහසුකම් ආරක්ෂා කිරීමත් රාජ්‍ය ආරක්ෂාවට ඇතුළත් බවද යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි වැඩිදුරටත් සිහිපත් කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?