
ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා.. ඡන්දේ ඉල්ලන්න කවුරුවත් ඉතුරු වෙන්නෑ - ඇමති TB කියයි..
මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ පක්ෂවල දේශපාලනඥයින් සියලුදෙනාම සිරගත කෙරෙන බවත් මැතිවරණයට තරග කිරීමට ජාතික ජන බලවේගය හැර කිසිවෙකුත් ඉතිරි නොවන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
“දැන් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ප්‍රාදේශීය සභාවල බලය අල්ලනවා එකතුවෙලා කියලා, එකතුවෙලා ඉතින් ඕක අල්ලාගෙන ඉන්නයි තියෙන්නෙ. වෙන මොකුත් කරන්න බෑ. ලබන මැතිවරණය වෙනකොට ඔය මහත්තුරු ඔක්කොම ඇතුළේ. කවුරුත් ඉතුරු වෙන්නෑ ඡන්දෙ ඉල්ලන්න. අපෙ වුවමනාවට යනවා නෙවෙයි, නඩු අහලා වැරදිකරු වෙනවා. දැන් දෙකක් ගියා අවුරුදු විස්ස – විසිපහ. බයවුණ තරම කොච්චරද කියනවා නම් පක්ෂ හතරම එකතුවෙලා තීන්දුවක් ගත්තා අපි ඔක්කොම එකතුවෙලා ප්‍රාදේශීය සභා හදනවා කියලා. පක්ෂ හතර නෙවෙයි අටක් එකතුවෙලා බලපෑම් කළත් යවන එක යවනවා ඉදිරි අවුරුදු හතර තුළ මහ උළු ගෙදර, මේ රටේ ජනතාවගේ දේපළ හොරකම් කරපු අයව”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
