News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. "හර්ෂ සමග මට ප්‍රශ්නයක් නැති බවත් කොළඹ දිස්ත්‍රික් නායකත්වය තබා ගැනීමට මා ගත් තීරණයට එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තම පක්ෂ නායකත්වයට අමතරව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමාටම තබා ගැනීමට ගත් තීරණය ගැන කතා කරමින්. ඔහු පැවසීය.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි මාවත පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. එම සම්පූර්ණ ලිපිය පහතින්

සමරිසි ප්‍රවර්ධන වැඩසටහන් මගින් සිදුකරනු ලබන්නේ ලෝක බෞද්ධයන්ගේ බෝවී පාලනය කිරීම බව ජනසෙත පෙරමුණේ නායක, බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි. උන් වහන්සේ මේ අදහස් පළකළේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන් මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් දිනපතා ජනමාධ්‍ය හමු පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ. එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ජනමාධ්‍ය හමු දැනටමත් ක්‍රියාත්මක නමුත්, ඉදිරි සතියේ සිට ඒවා දිනපතා පැවැත්වීමටත්, එහිදී ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය දැඩි ලෙස විවේචනය කිරීමටත් තීරණය කර ඇති බවයි.

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.

ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පෙරේදා වාර්තා වුවද එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අක්‍රිය නොවන බවට ඉඟි පළවේ.

යාපනයේ තිස්ස රජ මහා විහාරය කඩා බිඳ දමන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රජය මෙවැනි තත්වයන් නොසලකා හැරිය හොත් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් සිදුවන බවත් මෙවැනි තත්වයකදී ක්ෂණිකව හා තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් මෙවැනි ක්‍රියාමාර්ග වලට දිගින් දිගටම ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගියදා ජාතික පුවත්පතකට '' රටට අවශ්‍ය කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද මාතෘකාව සහිතව පළවූ ලිපියකි. එහි ඇති කාලීන වැදගත්කම සලකා අප මෙසේ එය පලකරන්නෙමු.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.