හාවඩ් විශ්වවිද්‍යාලය විදේශීය සිසුන්ට තහනම් කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට අධිකරණයෙන් යළි තහනමක්..
විදේශීය සිසුන්ට හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම තහනම් කිරීමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තහනම එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දෙවන වරටත් අවහිර කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ බොස්ටන්හි ෆෙඩරල් විනිසුරුවරයෙකු හාවඩ් විශ්ව විද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය දැරූ උත්සාහය එම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාගේ විධායක නියෝගය අවහිර කර ඇති බවයි.
ජනාධිපති ට්‍රම්ප් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පවතින නීතියක් භාවිතා කරමින් එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම විදෙස් සිසුන්ට තහනම් කිරීමට උත්සාහ කර තිබුණි.
ප්‍රබල වචන සහිත තීන්දුවක් දී, විනිසුරු ඇලිසන් ඩී. බරෝස් හාවඩ් වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ එවැනි ජනාධිපති බලය ජාත්‍යන්තර සිසුන්ට නොව විදේශීය සතුරන්ට එරෙහිව භාවිතා කිරීමට සුදුසු බවයි.
මෙම විනිසුරුවරියගේ නියෝගය මගින් ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක වීම තාවකාලිකව නතර කරයි.
සිය තීන්දුවේ දී විනිසුරු බරෝස් සඳහන් කළේ අවදානමට ලක්ව ඇති ගැටළු වලදී මූලික ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්, සිතීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සහ භාෂණයේ නිදහස පිළිබඳ සලකා බැලිය යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්