News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජය ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව අමාත්‍යවරයෙක් ඊයේ ප්‍රකාශ කළේය.

නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිතා කරන ලද මෝටර් රථ 13 ක් විකිණීමට මිල ගණන් කැඳවයි.

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

LGBTIQ ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මගින් ප්‍රකාශ කර ඇති පරිදි මෙරට වැඩිහිටි කාන්තාවන් අතර සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොකිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස LGBTIQ අයිතිවාසිකම් සඳහා බලපෑම් කරන සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටි මෝටර් රථය වෙන්නප්පුව ප්‍රදේශයේ දී අනතුරකට ලක් වීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.රථය පැදවූ ඔහුගේ සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.