News Category
From Date
To Date
Maximum Number of Result

පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න කැබිනට් යෝජනාවක් - දුමින්ද නාගමුව හෙළිකරයි..

Jun 25, 2025 at 12:33 PM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් පාවාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව හදිසියේම කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන කම්කරු නීතියට බරපතළ සංශෝධනයක් ගෙන ඒමට යන බව ජන අරගල සන්ධානයේ විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

නුගේගොඩ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මෙසේද කියා සිටියි.

”මේ රටේ කම්කරු නීතියට අදාළ අතිශයින් බරපතළ සංශෝධනයක් කරන්න ජාතික ජන බලවේග ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සඳහා මේ වෙද්දිත් කැබිනට අනුමැතිය ලැබිලා ඉවරයි.

එදා තනි කම්කරු නීතියට විරුද්ධව සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව දැන් සුදානම් වෙන්වා රනිල් මනුෂ හවුලේ ගෙනාව මේ මලේච්ඡ කම්කරු නීතිය නැවත සාකච්ඡාවට ගන්න. දැන් මේ වෙද්දිත් ඒ සඳහා කමිටුවක් පත් කරලා ඉවරයි.

පසුගිය මැතිවරණ කිහිපයේම අපි දැක්කා මේ රටේ වැඩකරන ජනතාවගෙන් අති බහුතරයක් ඡන්දය ලබා දුන්නේ වර්තමාන ආණ්ඩුවට. ඒ ලබාගත්තඡන්දවල උණුසුම පහව යන්නත් කලින් ආණ්ඩුව සූදානම් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වූ වුවමනාවන්ට මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ටික පාවා දෙන්න.

මේ ගන්න හදන තනි කම්කරු නීතියේ දේශපාලන අරමුණ සම්බන්ධයි 2022 ඇති වුණු ආර්ථික අර්බුදයට. එතනින් එහාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම එක්ක මේ සංශෝධනය සම්බන්ධයි.

අපි දන්නවා 2022 ආර්ථික අර්බුදය ඇතිවුණේ සාමාන ජනතාව නිසා නෙවෙයි. මේ රටේ ධනවත් ව්‍යාපාරිකයෙහි සහ දේශපාලන තන්ත්‍රය තමයි ඒ අර්බුදයට වග කියන්න ඔන.මෙන්න මේ අර්බුදය අස්සේ හැකිළිව්ව කම්කරු ජනතාවගෙ න් තව ටිකක් සුරග න්න තමයි මනුවලා තනි කම්කරු නීතිය අරගෙන ආවේ.

මුළු ලෝකෙම අද පිළිගන්න පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න මේ පනතේ යෝජනා ඉදිරිපත් වෙනවා. පැය අටේ වැඩ දිනය කම්කරු ජනතාව දිනා ගත්තේ විශාල කැපකිරීම් මතින්.

ඒ කැප කිරීම් සමරන මැයි දින රැලිය ගෝල්ෆේස් එකේ උජාරුවෙන් පවත්වලා මාසයක් යන්නත් කලින් ආණ්ඩුව සුදානම් වෙනවා කම්කරුවන්ගේ පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න. එතකොට හාම්පුත්තුන්ට දවසට පැය 15 – 20 වුණත් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් බලයක් ලැඛෙනවා.

මේ වෙලාවේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙක් වෙචිච මහින්ද ජයසිංහ සහෝදරයාගෙන් අපි අහනවා කම්කරු ජනතාවගේ පැය අටේ වැඩ දිනය අහෝසි කරන තනි කම්කරු නීතිය ගේන්න ඔබ එකඟ වුණේ කොහොමද කියලා.

ලංකාවේ නීතිය අනුව කම්කරුවගේ වැඩ සතිය පැය 45යි. සතියේ දින පහේ පැය අටයි සෙනසුරාදා දිනයේ පැය පහයි මෙහෙම තමයි වැඩ සතිය සකස් වෙලා තියෙන්නේ.

දැන් ආණ්ඩුව කරන්න යන සංශෝධනය එක්ක හාම්පුතාට පුළුවන්කමක් ලැබෙනවා මේ 45 වැඩ සතිය දවස් 3ක් 4ක් දක්වා අඩු කරන්න.

නව පනතට අනුව එක දිගට දවසට පැය 16ක් වැඩ ගන්න පුළුවන්. දැනට ලංකාවේ නීතිය අනුව අතිකාල පැය හතර එකතු කළත් උපරිම පැය 12යි වැඩ ගන්න පුළුවන්. මේ සංශෝධනය කළාට පස්සේ සතියෙන් කරන වැඩේ කම්කරුවට දවස් තුනෙන් මැරිගෙන කරන්න වෙනවා.

අපිට නොපෙනෙන කතාව තමයි අද කම්කරුවා පත්වෙලා තියෙන ආර්ථික අහේනිය එක්ක ඔහුට රැකියා දෙකක් කරන තැනට තල්ලු කරන්න මෙකෙන් හැකියාව ලැබෙනවා.

දැනට තියෙන කම්කරු නීතිය අනුව එක රැකියාවක් එක්ක විතරයි කම්කරුවට ගිවිසුම්ගත වෙන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි අලුත් නීතිය එක්ක කැමැති තරමක් රැකියා ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාව ලබාදීලා නියනවා. එතකොට මේ නිතියේ යටි අරමුණ තමයි අර්ධ රැකියා දෙක තුන කරන්න වෙන තැනට මේ රටේ කම්කරු ජනතාව තල්ලු කිරීම.

අනිත් එක අලුත් කම්කරු නීතිය අනුව වෘත්තීය සමිති හදන්න තියෙන අවස්ථාවත් අහිමි කරලා. කලින් නීතියට අනුව කම්කරුවන් 7 දෙනෙක් ඉන්නව නම් වෘත්තීය සමිතියක් හදන්න පුළුවන්. ඒත් තනි කම්කරු නීතියෙන් මේ ප්‍රමාණය 100 දක්වා වැඩි වෙනවා.

එතකොට වෙන දේ තමයි සේවකයන් 100ට අඩු කර්මාන්ත ආයතනවල වෘත්තීය සමිති පිහිටුවන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. දැන් මෙහෙම 100ක් එකතු කරගෙන වෘත්තීය සමිතියක් පිහිටෙව්වත් ඔවුන්ට සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න තියෙන අවස්ථාවත් තනි කම්කරු නීතිය නිසා අහිමි වෙනවා.

මේ පනතට අනුව ස්ට්‍රයික් එකක් කරනවා නම් දවස් 30කට කලින් හාම්පුතා දැනුවත් කරන්න ඕන. එතකොට හදිසියේවත් අසාධාරණ විදිහට කම්කරුවෙක් රැකියාවෙන් දොට්ට දැම්මොත් දවස් තිහක් බලාගෙන ඉන්න ඔන ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න.

එහෙම නැත්තං වෙන්න යන දේ දිවැසින් දැකලා වෘත්තීය සමිතිය දවස් තිහකට කලින් අවසර අරගෙන ඉන්න ඕන. මේ වගේ තක්කඩි මෙලෙච්ඡ නීතියක් තමයි මේ ආණ්ඩුව දැන් කරත්තගෙන යන්න සූදානම් වෙලා තියෙන්නේ.

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.