ඉරානය සමඟ යුද්ධයක් එපා යැයි හඩ නැගු හිටපු මැරීන් සර්ජන්ට් මැක්ගිනස් කැපිටල් ගොඩනැගිල්ලෙන් ඉවතට ඇද දමයි..
ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ඉරාන යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංවෘත දොරටු පිටුපස (Closed-door briefings) සාකච්ඡා පවත්වමින් සිටියදී, හිටපු මැරීන් සර්ජන්ට්වරයෙකු වන බ්‍රයන් මැක්ගිනස් (Brian McGuinness) විසින් සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.
ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු සෙබළුන් ඉරානය සමඟ යුද්ධයකට මැදිහත් නොවිය යුතු බවට ඔහු හඬ නගා ප්‍රකාශ කළ අතර, "ඇමරිකානු ජීවිත සහ බදු මුදල් මේ ආකාරයෙන් විනාශ නොකළ යුතු" බව ඔහු අවධාරණය කළේය.
මැක්ගිනස් මෙම ප්‍රකාශය සිදුකරන අතරතුර කැපිටල් පොලිසිය (Capitol Police) විසින් ඔහුව බලහත්කාරයෙන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
මෙම සිදුවීම වාර්තා වන්නේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති "ඔපරේෂන් එපික් ෆියුරි" මෙහෙයුම සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරන අතරතුරදීය.
කොංග්‍රසය තුළ ද මෙම යුද්ධය සඳහා වැයවන අතිවිශාල පිරිවැය සහ මෙහෙයුමේ අවසාන ඉලක්කය පිළිබඳව මන්ත්‍රීවරුන් අතර දැඩි මතභේද හටගෙන තිබේ. මෙම විරෝධතාවයෙන් පසු කොංග්‍රසයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර, ඉරාන යුද්ධයට අදාළ "War Powers Resolution" ඡන්ද විමසීම ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්