News Category
From Date
To Date
Maximum Number of Result

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණෑගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.

මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ආණ්ඩුව දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

වැට් බදු සංශෝධනය හරහා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ 97ක මිල සියයට 18කින් ඉහළ යාම වැඩිපුරම දැනෙන්නේ මේරටේ කාන්තාවන්ට බවත්, ගදෙර කුස්සියට දැනෙන මෙම බර හේතුවෙන් රටේ දරුවන්ගේ කුසගින්න හා පෝෂණය දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ජාතික කාන්තා එකමුතුව පෙන්වා දෙයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය ඊයේ (13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(14) එංගලන්තය බලා පිටත් විය.

ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා පක්ෂයේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ තමන් වහන්සේ විසින් ඔහුගේ අතේ බඳින ලද පිරිත් නූල පන්සලෙන් එළියට බහින විටම ගලවා විසි කළ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පවසති.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ.

බළපිටිය හරස්පොළ ධීවර තොටුපොළට අද (14) උදේ ආ හදිසි රළපහරක් නිසා එම ධීවර තොටු පොලේ ගාල් කර තිබූ මෝටර් බෝට්ටු විස්සක් පමණ මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

යුද්ධයකදී හමුදාව සහ ආයුධ මෙන්ම මහජන මතයද අතිශයෙන් වැදගත් බවත්, මියගිය රණවිරුවන් සහ මහා කැපකිරීමක් කරන ලද ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේශපාලකයන් සහ ජාතික සංවිධාන ඇතුළු බොහෝ දෙනා එම මහජන මතය ගොඩ නැගීමට යුද සමයේ දී විශාල කැපකිරීමක් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.