News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහිව සියොන්වාදී මිලිටරි උත්සන්න කිරීම සහ එක්සත් ජනපදය විසින් සෘජු ප්‍රහාරයක් එල්ල කිරීම නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව වහාම බලමුලු ගැන්වීම සඳහා කියුබාව ඉල්ලා සිටී. කියුබා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය.

ආන්දෝලනයකට තුඩුදී තිබෙන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසා තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ්, ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවලින් බැහැර කර ඇති බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් උපුටා දක්වමින් එන්බීසී ප්‍රවෘත්ති සේවයේ සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත් වාර්තා කර පවසයි.

ගාල්ල මහ නගර සභාවේ පාලන බලය ජාතික ජනපදවේගය විසින් පිහිටුවා තිබේ.

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබේ.

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල සූදානම් නමුත්, ප්‍රහාරයක් එල්ල කරනවාද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

1973 වර්ෂය දක්වා දිවෙන රාජ්‍යය තාන්ත්‍රික සබඳතා සමඟ, ටෙහෙරානය සහ ප්යොංයැං ඔවුන්ගේ ආයුධ සහ න්‍යෂ්ටික වැඩසටහන් සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ පවා සමීප සබඳතා ගොඩනඟා ගෙන තිබේ.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.