ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට..
ඉන්දියාවෙන් පිටුවහල් කළ මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ මෙම සැකකරුවන් ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වන අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා කර තිබුණි.
මෙම තිදෙනා මීට දින 15කට පෙර බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
ඉන්දියාවට පැමිණ රැඳී සිටීමට මෙම තිදෙනා සතුව කිසිදු ලියකියවිලි නොමැති බව අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ මෙම තිදෙනාට එරෙහිව විවිධ නඩු විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ, ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් තිදෙනා පිටුවහල් කර ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා තවදුරටත් වාර්තා කරයි.
පසුගිය දා වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තිබී හමුවූ බෝම්බ සිද්ධියටද මෙම සැකකරුවන් තිදෙනාගේ සම්බන්ධයෙක් ඇති බව වාර්තා වෙයි.
එලෙස සොයාගන්න ලද බෝම්බ තොගය LTTE සංවිධානය විසින් සඟවා තිබූ එවා බව අනාරවණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..