News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරු තිදෙනෙක් ඇතුළු කිහිපදෙනෙකු නම්කරමින් ලබාදුන් තීන්දුවට හේතුවූ කරුණු ඉතා වැදගත් බවත්, කවර හෝ රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක්, දේශපාලකයෙක් ජනතා පරමාධිපත්‍ය බලයෙන් තනතුරකට පත් වූ විට එම තනතුරේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුවෙන් වැදගත් පණිවුඩයක් ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට හේතු සාධක සෙවීමේ ප්‍රයත්නයක් ලෙස ජාතික ස්වෛරීත්වය පාදක කොට ගනිමින් කරුණු විග්‍රහ කිරීමේ දී ආර්ථික ස්වෛරීත්වය පිළිබඳව අනිවාර්යෙන්ම කතා කළ යුතු බවත්, ආර්ථික ස්වෛරීත්වය නොමැතිව ජාතික ස්වෛරීත්වය ගොඩනැගිය නොහැකි බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත්කර තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.

ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලබන 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාව මේ වන විට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

වැට් බද්ද හරහා බදු සියයට 0 සිට සියයට 18 දක්වා වැඩි කර ඇති බවත්, එය යුක්ති සහගතදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

වසර 108කට පෙර ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට කිමිදුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් හිමිව තිබේ.


ප්‍රධාන පුවත්

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.