News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකුණාදැමීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති අතර ඊට අදාළ පූර්ව කොන්දේසියක් වන සමාගමේ ශේෂ පත්‍රයේ අඩංගු දේශීය ණය ගෙවා දැමීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ අනුමැතියය ලැබී ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත.

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබේ.

මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය.

වැට් බද්ද ඉහළ දැමීමට ගෙන තිබෙන තීරණය තමා කිසිවිටකත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා අද (02) සුවිශේෂී හෙළිදරව්වක් සිදුකරමින් පවසා සිටියේ එම අධිකාරියේ ලිපි ගොනු කිහිපයක් මේ වනවිට විනාශ කර ඇති බවය.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.


ප්‍රධාන පුවත්

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.