කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්.. - FBI වාර්තාවක් කරළියට..
ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, කැලිෆෝනියා ප්‍රාන්තය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් හදිසි ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවට FBI ආයතනය මීට පෙර ආරක්ෂක අංශ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් ඒකාබද්ධ කලාපීය බුද්ධි මධ්‍යස්ථානය හරහා නිකුත් කරන ලද මෙම රහසිගත ආරක්ෂක වාර්තාව, පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමරිකානු - ඊශ්‍රායල යුද මෙහෙයුම්වල 12 වැනි දිනය වන විට ප්‍රසිද්ධියට පත් වූ බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
පෙබරවාරි මස මුල් භාගයේදී ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව, ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළහොත්, මුහුදු යාත්‍රාවක සිට කැලිෆෝනියාවේ ඉලක්ක වෙත මිනිසුන් රහිත ගුවන් යානා (ඩ්‍රෝන) මගින් ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සැලසුම් කර තිබූ බව එම ආරක්ෂක වාර්තාවේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක කාලය, ක්‍රමය හෝ ඉලක්කය පිළිබඳව වැඩිදුර තොරතුරු නොමැති බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත්, ඇමරිකානු මව්බිම තුළ ඉරානය විසින් මෙහෙයවනු ලබන ප්‍රහාර පිළිබඳ අදහස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරමක් සැහැල්ලුවෙන් බැහැර කර ඇති අතර, කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් පවසා ඇත්තේ, ප්‍රාන්තයට එල්ල විය හැකි කිසිදු "ආසන්න තර්ජනයක්" පිළිබඳ තොරතුරක් තමන් නොදන්නා බවයි.
පෙබරවාරි 28 දා යුද්ධය ආරම්භ වීමත් සමඟ ඉරානයේ ඉහළ පෙළේ නායකයින් රැසක් ගුවන් ප්‍රහාරවලින් මිය ගිය අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලය සහ මැදපෙරදිග ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලදී.
මූලාශය - රොයිටර්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..