කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්.. - FBI වාර්තාවක් කරළියට..
ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, කැලිෆෝනියා ප්‍රාන්තය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් හදිසි ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවට FBI ආයතනය මීට පෙර ආරක්ෂක අංශ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් ඒකාබද්ධ කලාපීය බුද්ධි මධ්‍යස්ථානය හරහා නිකුත් කරන ලද මෙම රහසිගත ආරක්ෂක වාර්තාව, පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමරිකානු - ඊශ්‍රායල යුද මෙහෙයුම්වල 12 වැනි දිනය වන විට ප්‍රසිද්ධියට පත් වූ බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
පෙබරවාරි මස මුල් භාගයේදී ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව, ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළහොත්, මුහුදු යාත්‍රාවක සිට කැලිෆෝනියාවේ ඉලක්ක වෙත මිනිසුන් රහිත ගුවන් යානා (ඩ්‍රෝන) මගින් ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සැලසුම් කර තිබූ බව එම ආරක්ෂක වාර්තාවේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක කාලය, ක්‍රමය හෝ ඉලක්කය පිළිබඳව වැඩිදුර තොරතුරු නොමැති බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත්, ඇමරිකානු මව්බිම තුළ ඉරානය විසින් මෙහෙයවනු ලබන ප්‍රහාර පිළිබඳ අදහස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරමක් සැහැල්ලුවෙන් බැහැර කර ඇති අතර, කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් පවසා ඇත්තේ, ප්‍රාන්තයට එල්ල විය හැකි කිසිදු "ආසන්න තර්ජනයක්" පිළිබඳ තොරතුරක් තමන් නොදන්නා බවයි.
පෙබරවාරි 28 දා යුද්ධය ආරම්භ වීමත් සමඟ ඉරානයේ ඉහළ පෙළේ නායකයින් රැසක් ගුවන් ප්‍රහාරවලින් මිය ගිය අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලය සහ මැදපෙරදිග ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලදී.
මූලාශය - රොයිටර්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්