News Category
From Date
To Date
Maximum Number of Result

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියම කර ඇත.

අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හේරත් මහතා අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කරන්නේ හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව ය.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (13) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කේ.ඩී. ලාල් කාන්ත සහ නලින් හේවගේ යන ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් විසින් පසුගිය මැයි දින වේදිකාව මත දී පැවසූ කතා දෙකක් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

වත්මන් රුසියානු ආරක්ෂක ඇමති සෙරගෙයි ශොය්ගු වෙනුවට වැඩ බලන පළමු නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රෙයි බෙලොයුසොව් පත් කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යෝජනා කර ඇති බව ෆෙඩරේෂන් කවුන්සිලය ඊයේ(12) සවස ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට පසුව නැවත රජයක් යටතේ තීන්දු කරන තෙක් පුද්ගලීකරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනය පිළිබදව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය ඉකුත් දා නෙත් ගුවන්විදුලිය සමඟ සාකච්ඡාවකදී පවසා තිබිණි.

තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ.


ප්‍රධාන පුවත්

LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)

කාෂ්මීරයේ ගැටුම්වලදී සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග පැවති යුද්ධයේ දී වඩාත් අසීරුම යුද්ධය බවට පත්ව තිබුනේ එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධය බව ඉන්දීය විශේෂ බලකායේ සේවය කල මේජර් අබේ සපෘ පවසයි.

එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..

නැගෙනහිර පළාතේ එරාවුර් හි පසුගිය සිකුරාදා ජුම්මා දේශනාවට සහභාගී වූ බැතිමතුන් අතර තර්ජනාත්මක පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා හැර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි චෝදනා කරති.

මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..

සේවකයන්ගේ බැනවැදීම් හමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනුජා ආරියරත්න යන අය අද (21) දින කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති

දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.

ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)

ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..

තමන්ගේ අකමැත්තෙන් රණවිරු සැමරුමට ආ පළමු විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත්, එසේ පැමිණ කළ කතාව දෙස බැලූ විට පෙනී යන්නේ එම අවස්ථාවට ජනාධිපතිවරයා නොපැමිණියා නම් ඊට වඩා හොඳ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත.

වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..

වියට්නාමයේ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ 135 වන ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් පුෂ්ප උපාහාර උත්සවයක් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං ප්‍රතිමාව අභියස දී ඊයේ(19) සිදුකෙරිනි.

ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

යුද්ධයකදී හමුදාව සහ ආයුධ මෙන්ම මහජන මතයද අතිශයෙන් වැදගත් බවත්, මියගිය රණවිරුවන් සහ මහා කැපකිරීමක් කරන ලද ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේශපාලකයන් සහ ජාතික සංවිධාන ඇතුළු බොහෝ දෙනා එම මහජන මතය ගොඩ නැගීමට යුද සමයේ දී විශාල කැපකිරීමක් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.