ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනුවන් දැඩි විරෝධතාවයක..
මාරාන්තික ප්‍රහාරවලට වරදකරුවන් වූ පලස්තීනුවන්ට මරණ දඬුවම නියම කරන නව ඊශ්‍රායල නීතියට එරෙහිව ජනතාව වීදි බැස විරෝධතා දැක්වීම නිසා බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම පුරා පලස්තීන වෙළඳසැල් සහ විශ්ව විද්‍යාල ඇතුළු පොදු ආයතන වසා දැමූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මාරාන්තික ප්‍රහාරවලට වරදකරුවන් වූ පලස්තීනුවන්ට මරණ දඬුවම නියම කරන නව ඊශ්‍රායල නීතිය හකුලා ගන්නා ලෙසට බල කරමින් ජනතාව වීදි බැස විරෝධතාවල නිරත විය.
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර්ගේ සහාය ඇතිව සම්මත කරගත් මෙම නීතිය හෙළා දකිමින් සහ නීතිය සම්මත කිරීම ආපසු හැරවීමට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමින් රාමල්ලාහි පෙළපාළි යාමට සිය ගණනක් ජනයා රැස්ව සිටි බවත් වාර්තා වේ.
හෙබ්‍රොන්, රාමල්ලා සහ නැබ්ලස් නගරවල බොහෝ වෙළඳසැල් ඊයේ( 01) දහවල් වන විට වසා දමා වසා දමා තිබූ බව AFP ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේය.
මේ අතර ජෙරුසලමේ පැරණි නගරයට ඊසාන දෙසින් පිහිටි ඇනාටා නගරයේ වැඩ වර්ජනයට සහභාගී වූ පලස්තීන සාප්පු හිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර විවෘත කිරීමට ඊශ්‍රායල සොල්දාදුවන් බල කළ බවටද තොරතුරු වාර්තා වේ.
පලස්තීන අධිකාරියේ සභාපති මහමුද් අබ්බාස්ගේ ෆාටා පක්ෂය පෙර දින මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්කමක කරන ලෙස ඉල්ලා සිටියේය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඊශ්‍රායලයේ මෙම නව නීතිය හෙළා දැක තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්