ට්‍රම්ප් අපහාසාත්මකව බැන වදිමින් නැවතත් ඉරානයට තර්ජනය කරයි..
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
ඊයේ (05) සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් මෙම තර්ජනය සිදු කර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව මීට මාසයකට පෙර ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ඉරානය විසින් ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන ලදී.
ජනාධිපති ට්‍රම්ප් සිය සටහන අවසන් කරමින් දැඩි ලෙස පවසා සිටියේ, "පිස්සු තිරිසනුනේ, ඔය සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරපල්ලා, නැත්නම් උඹලා නිරයේ ජීවත් වෙන්න සූදානම් වෙයල්ලා - බලාගෙන හිටපල්ලා!" යනුවෙනි. ඔහු මෙම පාස්කු ඉරිදා උදෑසන තැබූ සටහන අවසන් කර තිබුණේ "අල්ලාහ් දෙවියන්ට ප්‍රශංසා වේවා"යන උපහාසාත්මක වැකියකිනි.
මේ අතර යුද හානි වෙනුවෙන් නිසි වන්දි මුදලක් ලැබෙන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය පියවර නොගන්නා බව ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන නියෝජ්‍ය ප්‍රධානී සෙයියඩ් මෙහ්දි තබතබායි ප්‍රකාශ කරයි.
ගමනාගමන ගාස්තු මත පදනම් වූ "නව නීතිමය ක්‍රමවේදයක්" ඔස්සේ මෙම වන්දි මුදල් ගෙවිය යුතු බව ඉරාන රජයේ ස්ථාවරය වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට එරෙහිව ඉරානයේ සිවිල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද ප්‍රකාශය ද තබතබායි දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශයන් "පරම අසරණභාවය සහ දැඩි කෝපය හේතුවෙන් සිදුකරන ලද අසභ්‍ය හා අර්ථ විරහිත ප්‍රකාශ" බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්