බටහිර ඉරානයේ කුහ්-සියා කලාපයට අමෙරිකානු පාබල හමුදා ගොඩ බැස ඇති බවට පලවන වාර්තා අමූලික බොරු- කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ
බටහිර ඉරානයට ඇමරිකානු පාබල හමුදා භට පිරිස් ගොඩ බැස ගැටුම් ඇතිවී තිබෙන බවට පැතිරයන ආරංචි ප්‍රතික්ෂේප කරමින්, කුහ්-සියා කලාපයේ ජීවිත හානි සිදුවී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් මිස සෘජු ගැටුමකින් නොවන බව කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ මහතා අද(05) තස්නිම් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාරවරයා කුහ්-සියා කලාපයේ එක්සත් ජනපද පාබල හමුදා සහ ඉරාන හමුදා සම්බන්ධ ගැටුම් පිළිබඳ පලවන වාර්තා ප්‍රතික්ෂේප කළ අතර, සංසරණය වන පුවත් වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළේය.
කඳුකර ප්‍රදේශයේ සිදුවීම මිසයිල ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත්, එමඟින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලැබූ බවත් ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ පැවසීය.ඒ හැර ඉරාන හමුදා සහ ඇමරිකානු පාබල හමුදා භටයන් අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බව ඔහු අවධාරණය කළේය.
එක්සත් ජනපද සොල්දාදුවන් එම ප්‍රදේශයට ගොඩ බැස බසිජ් හෝ ප්‍රාදේශීය ඉරාන හමුදා සමඟ ගැටුණු බවට පලවන පුවත් වාර්තා පදනම් විරහිත සහ සාවද්‍ය බව ඉරාජ් කසෙමිජෝ අවධාරණය කළේය.
පලාතේ මේ වන විට සිදු වී ඇති සියලුම ජීවිත හානි සිදුවී ඇත්තේ කුහ්-සියා කඳු මුදුන්වලට එල්ල කළ සතුරු මිසයිල බලපෑමෙන් මිස සන්නද්ධ ගැටුමකින් නොවන බව පැවසූ ආණ්ඩුකාරවරයා කොහ්ගිලුයේ ප්‍රාන්තයේ තත්වය ස්ථාවරව පවතින බවත්, පදිංචිකරුවන්ගෙන් සන්සුන්ව සිටින ලෙසත් ඉල්ලා සිටි බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..