News Category
From Date
To Date
Maximum Number of Result

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් නිවාස යළි ඉදිකර ගැනීම සඳහා වන්දි ලබා දීමේ පළමු අදියර යටතේ ආපදාවට පත් පවුල් වෙත රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ලබා දීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ආණ්ඩුව දක්වන උද්දච්ච හැසිරීමට නිසි ප්‍රතිචාර දක්වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ඊයේ (27 දා) කියා සිටියේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සම්බන්ධයෙන් දඩ මුදල් අයකිරීමේ ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක වන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මේ සතියේ සිට ක්‍රියාත්මක කරන 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ද ගැටලු ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ගුරුවරියන් සහ ශිෂ්‍ය නායකයෙකු සම්බන්ධ කරගනිමින් හුවමාරු වන අසභ්‍ය වීඩියෝ දර්ශන මඟින් වර්තමාන සමාජයේ පවතින බරපතල සදාචාරාත්මක පිරිහීම මනාව පිළිබිඹු වන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

රුපියල් කොටි 30200ක දුෂිත ගල් අගුරු ටෙන්ඩර්යක් ප්‍රදානය කිරීමත් එමගින් බාල ගල් අගුරු ආනයනය කිරීම නිසා රටට බිලියන සිය ගණනක දැවැන්ත පාඩුවක් සිදු කිරීමටත් එරෙහිව ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ මේ වනවිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.