News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මිදුණු රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබන මාසයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ඉදිරියේදී බදු ප්‍රතිශත ඉහළ දැමීමට හෝ වක්‍ර බදු හඳුන්වා දීමට බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

"විශ්ව බුද්ධ" නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නැමැත්තා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවනු ලැබූ අතර, එහිදි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසය.

දැවැන්ත ජාතික ණය අඛණ්ඩව ඉහළ යන බැවින් එක්සත් ජනපද ආර්ථිකය ව්‍යසනය කරා ගමන් කරමින් සිටින බව ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් ෆොක්ස් නිව්ස් ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමකට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් කර තිබේ.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන මිනිස් ඝාතනවලට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් කුලී ඝාතකයන් ලෙස යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදුවන බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.


ප්‍රධාන පුවත්

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර

කියුබානු විප්ලවයේ ඓතිහාසික නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයෙන් පසු අටවැනි සංවත්සරය වෙනුවෙන් කියුබාවේ මිතුරන් සහ කැරිබියන් ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අද ඔහුට උපහාර දැක්වීය.

කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.

මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)

2024 මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී තිබුන ද ගොවීන්ට සහනාධාර ලෙස රු. 15000ක මුදලක් පසුගිය රජය විසින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනද, එම මුදල රු. 25000 දක්වා වර්තමාන රජය ඉහළ දමා ලබාදෙන බව පැවසුවද, මේ වන තෙක් එම 25000ක මුදල කෙසේවුවද 15000ක මුදල පවා ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු චෝදනා කරති.

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.