News Category
From Date
To Date
Maximum Number of Result

බලංගොඩ කස්සප හාමුදුරුවන්ට පහර දී උන්වහන්සේව හිරේ දැමීමත් එයට සම්බන්ධවූ පොලිසිය එලියේ සිටීමත්, ෆාදර් කෙනෙකුට පහරදීමේ දී පොලිසිය හිරේ යාමත් කුමන ආකාරයක නීතියක් දැයි ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් ප්‍රශ්න කරයි.

යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරක් වන සුළිපුරම් යුද හමුදා කඳවුරෙන් හමුදා සේනාංක ඉවත් වී එම ඉඩම යාපනය දිසාපති කාර්යාලය වෙත 24දා බාර දී තිබේ.

ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගාවොට් පැය දෙකක් රටට අහිමිවී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පන්නිපිටිය, රුක්මලේ බාලිකා නිවාස පාරේ අංක 157/1/2 දරන ලිපිනයෙහි පදිංචි වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් රුපියල් බිලියනයක් ගෙවන ලෙස දන්වා ඔහුගේ පෞද්ගලික නීතිඥයා මඟින් තමන් වෙත එවන ලද එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අන්තර්ජාල වීඩියෝවක් නිකුත්කර තිබේ.

වයස 16න් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ ක්‍රමයක් හඳුන්වා දීම මෙරටට වඩාත් ඵලදායක විය හැකි බව යසස් ධර්මදාස, (වරලත් ප්‍ර. ස.) මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ඇත.

සෞඛ්‍ය සේවය ලාභ ලබන පුද්ගලික අංශය සමග හවුල්කාරිත්වයකට ගමන් කරවමින් අනර්ග මහජන සේවාව පුද්ගලීකරණය කර "ජන ජීවිත විකිනීමේ " ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ චෝදනා කරයි.

පුරප්පාඩු පවතින රජයේ විගණකාධිපති තනතුරට විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම හා පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස ඉල්ලමින් මහනායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ප්‍රධාන පුවත්

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.