News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් සීමා නොවී පෙරදිග අපේ උරුමයන් සහ දේශීය දැනුම් පද්ධතිය සොයා ගිය ගවේෂණාත්මක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස, දරු සුව දිරිය නමින් ග්‍රන්ථයක් එළිදැක්වී ඇත.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයවෙන මුදල් ප්‍රමාණය ගණන් බලා අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාලයේ මහ කෙරුම්කාරයන් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීව, කුඩු සලිඳු, වෙලේ සුදා සහ පොඩි ලැසී නමැති අපරාධකාරයන් බන්ධනාගාරයේ සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අනාවරණය කරගෙන ඇත.

ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීම මේ මස අවසන් සතියේ සිදුකිරීමට බොහෝදුරට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඊයේ(13) අමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ බට්ලර් නගර්යේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කනේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි කියන ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේම එක් කණ්ඩායමකට දිමනාවක් ලබාදීමෙන් රාජ්‍ය සේවයේ ගැටුම් ඇති කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට ඩුබායි සිටින හීනටියන සංඛ නැමැති පාතාල සාමාජිකයෙකු ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.