News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

අවලෝකිතේශ්වර බෝධිසත්ව’ යන නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130 ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද [12] මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)

2022 දී රට අරාජික කිරීම සඳහා ක්‍රියාත්මක වූ අරගලය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා මුදල් ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු තමන් සතු බවත්, රට නිවැරැදි මාවතට අවතීර්ණ කර ගැනීමේ අවස්ථාව ඔහුගේ මැදිහත්වීම හරහා වැළකී ගිය බවත් සිංහ එෆ්.එම් නාලිකාවේ හිටපු හිමිකරු නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි

සොරකම් කළ ධනය උගන්ඩාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින් කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.

ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong

රටවල් දෙකක් ලෙස භූගෝලීය වශයෙන් දුරස්ථ වුවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000කට වඩා වැඩි බවත්, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ආණ්ඩුව ණය ගෙන නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම වෙබ් අඩවියේ ආණ්ඩුව විසින් ණය ගත් බව පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.

න්‍යෂ්ටික බලය සහිත B-52H මූලෝපායික බෝම්බ හෙලිය හැකි යානා ගණනාවක් ඇතුළුව මැද පෙරදිගට අතිරේක හමුදා යෙදවීමට එක්සත් ජනපද හමුදාව සූදානම් වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි

මෙවර මහ මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සමාලෝචනය ප්‍රමාදවීම නිසා එම අරමුදලේ තුන්වන ණය වාරිකය ලැබීම ද ප්‍රමාද වනු ඇතැයි වාර්තාවේ.

පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි

අවශ්‍ය නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.